IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මහින්ද ගත සිත සුව කරන බෙහෙත හෙළි කරයි

(අංජුල මහික වීරරත්න)

තම ගත සිත සුවපත් කරන්නේ ජනතා ඇසුර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි.

ජනතාව සමඟ නිදහසේ සිටීමට මම බෙහෙවින් ප්‍රිය කරමි. මිනිසුන් අතර සිටීම කිසි දිනක මා විඩාවට පත් නොකරයි.එය පුරුද්දකි. බැඳීමකි. සැමට නොලැබෙන අවස්ථාවකි. ජනතාවගේ සිත් තුළ ඇතිවන විශ්වාසය සහ ලෙංගතුකම මත ගොඩනැගෙන මානව සබඳතා, ජන මූල නායකයෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ධෛර්යයෙන් යුතුව මුහුණ දීම් හැකියාව වර්ධනය කරයි. ජනතා ඇසුර යනු මා තව තවත් ගතින් සවිමත් කරන්නකි. මනස සුවපත් කරන්නකි. 

සැමදා එක ලෙසින් පැමිණ සුව දුක් විමසන, හිතවත් කතාබහක යෙදෙන ආදරණීය ජනතාවට ස්තුතිවන්ත වෙමි. දේශපාලන සගයින් ද සිහිපත් කරමි. ඔබ සැමට ස්තුතියි.



අදහස් (8)

මහින්ද ගත සිත සුව කරන බෙහෙත හෙළි කරයි

ගුනදාස Saturday, 18 October 2025 08:41 PM

බොරු කියන්නේ නැතිව ඉන්න ලොක්කා...

:       7       4

අබා Saturday, 18 October 2025 10:06 PM

හෙලිකෙප්රෙන් ගිහිං කුඩ්ඩෝ නිදහස් කරලා බදාගත්තෙත් ඔහොම නේද සීයේ..? අනේ අපේ ලේ කෝප නොකර සද්ද නැතුව ඉන්න ඔය වහල් මෝඩ ගව රැලත් එක්ක...

:       7       4

C.K.Lankaputhra Sunday, 19 October 2025 05:40 AM

ඔහොම සුවකරගෙනම යන්න පුලුවන්.

:       48       8

Lankabarana Sunday, 19 October 2025 10:15 AM

එතුමාගේ අදහස ඉතාම නිවැරදියි. අනුන්ට ඊර්ෂ්‍යා නොකර (අපේ ඇත්තන්ගේ කියමනක් තියෙනවනේ ඊර්ෂ්‍යා කරන්නා සැමදා දුකේ කියලා) සෑම කෙනෙක්ම තමන්ට උපමාකර කටයුතු කලොත් එලොව මෙලොව දෙකේදීම සැපවත් වෙන්න පුළුවන්... එතුමන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා... තෙරුවන් සරණයි...

:       1       8

ගමේ එකාලා Sunday, 19 October 2025 02:23 PM

මේවට දෙකොනින්ම හිනා යනවා. ආසියාවේ ආස්චර්ය පෙන්වනවා කියලා ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් පව්ලේ අයව කිට්ටු කරගෙන රටම බන්කොලොත් කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරපු බලලෝභී, බඩගෝස්තරවාදියා... වහල්ලූ ඔය විහිලුවලට රැවටුනාට මොලේ ඇති අයනම් රැවටෙනවා .. ආර්ථික ඝාතකයා, සුනාම් හොරා කියලා අධිකරණයෙන් පවා වරදකරු වෙච්චි...

:       7       6

ඇන්ඩ්රු - තැම්බුතේvillageSunday, 19 October 2025 04:10 PM

දැනට දෙකොනින් හිනා වෙන්න පුළුවන් එකම ජන කොට්ඨාශය ගමේ එකාල වගේ පැලවත්තේ වොෂින්ටන්ල​ාට විතරයි.

:       3       4

කපුරුහාමි Sunday, 19 October 2025 05:09 PM

බලයේ හිටපු කාලේ තමුන් කියපු කරපුවා ගහපු ගේම්, ගහපු ඩීල්, කරපු හොරකම් වන්චා දූෂන, මැරකම්, ජඩකම්, සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි ,මතක් වෙන්නේ නැද්ද මන්දා...

:       4       3

Nandalal DE SILVA - France Monday, 20 October 2025 03:08 PM

ආයෙමත් දරුවන් වඩාගෙන, පොටෝ ගහන්න අම්මා කෙනෙක් මැදමූලන ඉලව්වේ මයිනා සීයා බලන්න ආපු නිසා සීයාට, මාර ආතල් එකක් ඇවිල්ලා ! Comment එකකුත් දමලා ... එහෙම වුනත් තමන්ගේම "පැංචලා" එක්ක ගත්තු සුපිරි photos කාලෙකින් දැක්කේ නැහැ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1136 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site