IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්දානන්ද අලුත්ගමගේට ඇප

මනෝප්‍රිය ගුණසේකර 

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා  රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කැරිණි.

මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් අනුව අලුත්ගමගේ මහතා අද ප්‍රකාශයක් ලබා දීමට එම කොට්ඨාසයට පැමිණියේය. ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

2014 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගත් බවත්, මෙම සිද්ධියට අදාළව මීට පෙර සතොස හිටපු සභාපති නවීන් රුවන් මහතා ද අත්අඩංගුවට ගෙන ඇප මත සිටින බවත් පොලිසිය පවසයි. 

කැරම් හා දාම් ලෑල්ලි ගෙන්වූ සතොස,  සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් යැයි ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය එනිසා මෙම වරද පොදුදේපොළ පනත යටතට නොගැනෙන බව ද සැකකරුට ඇප නියම කරමින් කීවාය.

 



අදහස් (5)

මහින්දානන්ද අලුත්ගමගේට ඇප

පිටිගල මිලානෝ Monday, 16 April 2018 09:51 AM

මහින්ද රාජපක්ෂට කලින්ම යන්න වුනේ මේ අයගේ මේ හොරකම් නිසයි.

:       56       166

Anda kaippu Monday, 16 April 2018 09:57 AM

වැඩේ හරිෙ, ට්‍රම්ප් කියයි...

:       0       39

සතයපාල Monday, 16 April 2018 10:19 AM

හොරකමක් කලත් කමක් නැහැ... ඇමතිකෙනෙක් නියෝජ්‍ය ඇමති කෙනෙක් බැරිනම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා. මොකද ඒ වගේ අය ලේසියෙන් අල්ලන්නේ නැහැ. ඇල්ලුවත් පට්පට් ගාලා ඇප දෙනවා. ඇප නොදුන්නත් රිමාන්ඩ් කරන්නේ නැහැ. ජාතික රොහලේ ගෙවන වාට්ටුවක බැරිනම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රෝහලේ ඇඳක නවතිනවා. රෝහල් ගතවෙන්න බැරි වුනොත් රිමාන්ඩ් බන්ධනාගාරයේ විදුලිපංකා රූපවාහිනී සහ කොට්ට මෙට්ට සහිත තරු පංතියේ කාමරයක නවාතැන් පහසුකම් සහිතව දිනපතා ' විසිට් එක 'ලැබෙනවා. අල්ලපු වත්තේ පොල් ගෙඩියක් හරි කෙසෙල් කැණ හරි කපා ගත්ත කෙනාට මේ මොනවත් නැහැ තැටියේ බත් ටිකයි සිමෙන්ති බංකුවයි. මේකට කියන්නේ ලබා උපන් හැටි කියලද?

:       0       193

රනවි Monday, 16 April 2018 10:52 AM

මේ වගේ නීතියක්. බඩගින්නට කොස් දෙල් ගෙඩියක් කඩපු කෙනාට නඩු දිනත් නැහෑ ඇප දෙන කාලයක් කියන්නත් බැහෑ. කවුරු ආණ්ඩු කලත් ඔය ටික තමා.

:       0       71

marikkar Monday, 16 April 2018 11:14 AM

අපගේ අධිකරණ පද්ධතිය ගැන සිතන විට වමනය වමනය නැඹුරු වෙනවා ..

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31523 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11070 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 156 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site