IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට

(රංජන් කස්තුරි)

බස්නාහිර පළාත් සභාවේ හිටපු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළ තුෂාර පෙරේරා මහතා අද (14) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඔහු කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කළේය.

පෙරේරා මහතා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේදී ඇමති ජෝන් අමරතුංග මහතා අතින් අද පස්වරුවේ එජාපයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඒ මහතා 2007 වසරේ සිට 2011 දක්වා කාලයේදී වත්තල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
 
එජාප සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කීය.

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළා.ඒත් එතුමාට සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සංහිඳියාව ගොඩනගන්නත් උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්නත් බැරි වුණා.යහපාලනය ගැන පැහැදී එජාපයට ආවා“



අදහස් (6)

මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට

Nandalal DE SILVA - France Tuesday, 14 November 2017 09:38 AM

මෙයා සිය කැමැත්තෙන් එජාපයට අවාද, නැත්නම් එම පක්ෂයේ අභ්‍යන්තර රහස්, වැඩ කටයුතු ගැන සොයා බැලීම සඳහා මරා හෝ එයාගේ ගෝලබාලයන් විසින් යැවුවාද කියල දන්නේ කවුද ? මේ මහත්තයා මහින්දගේ සමීපතම ගජයෙක් නිසා "ට්‍රෝජන්" අශ්වයෙක් හැටියට හිතාගන්නත් පුළුවන් !!!!

:       91       254

surangaTuesday, 14 November 2017 10:36 AM

අනිවාර්යෙන්ම "ට්‍රෝජන්" අශ්වයෙක් වෙන්න ඕනි. එහෙම නැතිනම් මේ යහපාලන ආණ්ඩුව ගැන පැහැදෙන්න මේයාට ලොකු මොලේ අමාරුවක් තියෙන්නම ඕනි.

:       305       265

P. Ilangaratne Tuesday, 14 November 2017 10:12 AM

වහාම මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය වරයකු හමුවන්න.

:       226       308

mahinda Tuesday, 14 November 2017 10:26 AM

ඉලංගරත්ගේනගේ කතාව සියලු ජේ ඕ සාමජිකයනටත් වලංගුයි.

:       306       232

rohana Tuesday, 14 November 2017 01:45 PM

ඇයි ආපහු අර සහෝදර සමාගමට රට දෙන්න කියලද මේ අය කියන්නේ.

:       0       1

ravin Tuesday, 14 November 2017 02:34 PM

බස්නාහිර පළාතේ ඉඳල නැගෙනහිර පළාතේ ප්‍රශ්න විසදන්න හදනවා. උතුර දකුණ මාරුවෙලා වගේ. බොහොම හොඳයි ..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site