තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයත්, අනිත් පිරිසට ඇමැති ධුරත් දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබේ.
එය ඊයේ කැඳවූ අතර හෙට (14) පෙත්සම සලකා බැලීමට නියම කැරිණි.
ඒ අනුව මෙම අභියාචනා පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ (විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි) කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය අද මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එමෙන්ම එම පූර්ණ විනිසුරු මඬුල්ලක ඊවා වනසුන්දර විනිසුරුවරිය ඇතුළත් කර නොගන්නා ලෙස තවත් මෝසමක් ගොනු කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.