(නිමල කොඩිතුවක්කු)
මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ නංවා ඇතැයි ඉදිකිරීම් සේවක සංගම් පවසයි.
රුපියල් 1900ක පැවති සිමෙන්ති කොට්ටය අද වන විට 2200ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉදිකිරීම් සේවක සංගමය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මේ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඉදිකිරීම් සේවකයන්ගේ රැකියා පවා අවදානමකට පත්ව ඇතැයිද අබේසේකර මහතා කීය.
එමෙන්ම නිවාස ඉදිකිරීම් ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකරන පිරිස්ද මේ හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
කර්මාන්ත විෂය බාර අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පදේට නැටුවට රටේ එදිනෙදා ප්‍රශ්න වලට විසදුම් නොලැබෙන බවත්, කයිවරුවෙන් පමණක් රටක් පාලනය කල නොහැකි බවත් දැන්වත් පච කුමාර ඇතුළු දුෂිත කල්ලිය තේරුම් ගත යුතුයි.