IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මුස්ලිම් අන්තවාදයට එරෙහිවන්න කලින් ආණ්ඩුවට කොන්දක් තිබ්බේ නෑ

(*** මුදිතා දයානන්ද)

මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට කලින් පැවැති ආණ්ඩුවට පිටකොන්දක් නොතිබූ බව ද එසේ කටයුතු කිරීමෙන් මැද පෙරදිග රටවල් ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් ඇතිවේ යැයි බිය වූ බව ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී. විජේවීර මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (12) ප්‍රකාශ කළේය.

මෙම තීරණය පිටුපස මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම ඇති බව එකල වැටහී ගිය බව ද ඔහු පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
ජාතික තවුහිද් ජමාත් සංවිධානය, සහරාන් හෂීම් හා මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් 2017 වනවිට බුද්ධි අංශ විසින් ආරක්ෂක කවුන්සිලයේදී හෙළිදරව් කරන ලද බව ද ඔහු පැවැසීය.

මෙම අන්තවාදීන්ගෙන් දේශීය වශයෙන් ගැටලුවක් ඇතිවේ දැයි සුපරීක්ෂාකාරීව සිටින ලෙස ජනාධිපති හා අගමැති එකල උපදෙස් දුන් බව ද ඔහු කීය.

එසේම හිටපු අගමැතිවරයා ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට ඇතැම් විට සම්බන්ධ වූ අතර ඒ සම්බන්ධ වූ ඒවායේදී ද ඔහු කලින් පිටව ගිය බව ද ඔහු පැවැසීය.

පොලිස්පතිවරයා මෙම රැස්වීම්වලට කැඳවීමට එපා යැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ බැවින් ඔහු ඒවාට සම්බන්ධ නොවූ බව ද විජේවීර මහතා කීවේය.

 



අදහස් (7)

මුස්ලිම් අන්තවාදයට එරෙහිවන්න කලින් ආණ්ඩුවට කොන්දක් තිබ්බේ නෑ

Bamunuarachchi Monday, 14 September 2020 12:24 PM

හැබැයි පෙනෙන්නේ සිංහල අන්තවාදය..සිංහල අපේ අන්තවාදයක් නැහැ. නමුත් සිංහල අපි රටේ සුළු ජාතීන්ගේ අන්ත වාදයට විරුද්ධව ක්‍රියා කරනවා. සිංහලයෝ අවුරුදු 2600ක් ඔය දේ නොකළ නිසයි මේ අමාරුවේ වැටුණේ.. තාමත් සංහිඳියාව කතා කරන හරක් ඉන්නවා..

:       51       19

Nuwan Monday, 14 September 2020 12:39 PM

එතකොට දැන් තියෙන ආණ්ඩුවට කොන්දක් තියෙනවාද?

:       0       8

BamunuarachchiTuesday, 15 September 2020 02:31 AM

කොන්ද තිබෙන්න ඕනේ ආණ්ඩුවට නොවෙයි, සිංහල බෞද්ධයින්ටය. මම ප්‍රසිද්ධයේ කියනවා මම සිංහල ජාතිවාදියෙක් කියලා. ඔහේට කියන්න එහෙම කියන්න පුළුවන් කොන්දක් තියෙනවාද? මම ඒ විදිහට වැඩත් කරනවා.

:       25       0

BamunuarachchiTuesday, 15 September 2020 02:34 AM

සිංහල අපිම අපට තේසවලාම නීතියක් හදාගත්තොත් නරකද.? මම හදාගෙන තිබෙන්නේ.

:       0       0

BamunuarachchiTuesday, 15 September 2020 06:46 AM

මම ඉඩම් විකුණන්නේ සිංහලයින්ට පමණයි.

:       10       0

BamunuarachchiTuesday, 15 September 2020 02:36 AM

ආණ්ඩුවෙන් ඒක එන්නේ නැහැ ඒක එන්නේ මහ ජාතිය තුලින්. ඔබ මහ ජාතිය අයිති කෙනෙක්ද.?

:       12       0

BamunuarachchiTuesday, 15 September 2020 06:45 AM

කොන්ද තිබෙන්න ඕනේ සිංහල බෞද්ධයාට...

:       20       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site