( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලනියේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක යන්ත්‍රයකට අත සිර වූ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා අද (5) පෙරවරුවේ හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව කළුතර උතුර පොලිසිය කියයි.
අනතුරින් තුවාල වී ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ මැෂින් ක්‍රියාකරුවකු ලෙස කටයුතු කරන ගල්පාත යටවර හන්දිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.
බරපතළ තුවාල ලද තරුණයා නිෂ්පාදන කටයුතු කරමින් සිටිද්දී ඔහුගේ දකුණු අත එක්වරම යන්ත්‍රය තුළට ඇදී ගොස් මෙම අනතුර වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි .
අනතුර සිදු වූ සැනින් කර්මාන්තශාලා විසින් සේවකයන් විසින් තුවාල ලද තරුණයා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
සිදුවූ අනතුරෙන් තරුණයාගේ දකුණු අත උරහිස ප්‍රදේශය ආසන්නයෙන් ම වෙන් වී ඇති අතර අතේ කොටස් යන්ත්‍රය තුළට ගොස් කුඩා කැබලි බවට පත්වී නැවත අත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි ආකාරයෙන් විනාශ වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රෝහල්ගත කළ තරුණයා ශල්‍යකර්මයට ලක් කිරීමට නියමිතව ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මැෂින් ක්‍රියාකරුට අත අහිමිවෙයි