
(උපාලි ආනන්ද)
අධික වැසි හේතුවෙන් පිටාර ගලමින් තිබූ අනුරාධපුර මල්වතු ඔයට සිය මව විසින් අලුයම් කාලයේ තල්ලූ කර මරා දැමූ දරුවන් දෙදෙනාගේ මළ සිරුරු එම දරුවන්ගේ සීයාට සහ මිත්තණියට බාර දෙන ලෙස අනුරාධපු ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සියපත් සසිඳු වික‍්‍රමරත්න මහතා නියෝග කළේය.
ප‍්‍රධාන මහේස්ත‍්‍රාතවරයා මෙසේ නියේග කළේ දරුවන්ගේ මල සිරුරු හඳුනා ගෙන බාර ගෙන මිහිදන් කිරීමට ඔවුන්ගේ සීයා සහ මිත්තණිය කැමැත්ත ඵළ කරන බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය් නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානධිපති උප පොලිස් පරික්ෂක කරුණානන්ද වන්නිනයක මහතා කළ කරුණු දැක්වමක් සැළකල්ලට ගනිමිනි.
ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ දරුවන් දෙදෙනාගෙ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග මත සිරුරු දරුවන්ගේ සීයාට සහ මිත්තනියට මෙලෙස බාර දෙනු ලැබීය. පසුව මොරටුව අගුලානේ සිටි පැමිණි දරුවන් දෙදෙනාගේ සීයා සහ මිත්තිනිය අනුරාධපුරයේ පෞද්ගලික මල් ශාලාවක් මගින දරුවන්ගේ මල සිසිරු අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියට රැගෙන ගොස් මිහිදන් කළේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මව මල්වතුඔයට තල්ලු කළ දරුවන්ගේ සිරුරු සීයාට - ආච්චිට
Ruwan Sunday, 14 December 2025 06:02 PM
සසර සරණතුරා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! මෙවැනි මවක්ද නොලැබේවා!!!
MD Monday, 15 December 2025 08:10 AM
මිනිස්සු ආධ්‍යාත්මික බවෙන් මිදී අධාර්මික වෙනකොට(මාලිමා ආණ්ඩුව සේ)ඵම රටවලට ලෝකයට දෙවියන් යක්ෂයන් ඵවනු ඇති බව සනාථ වනවා.ඵම යක්ෂයන් විසින් කිසිවකු නොහිතන විධියට නොහිතන වෙලාවට ඵම රටට ලෝකයට නොයෙකුත් වින කරනවා.මිනිස්සුන්ට අයහපත් දේ සිදුකරවනවා.හොඳින් අධ්‍යයනය කරන්න.පරිස්සමින් අද දවස ඔබත් මමත් යහපත් ලෙස ජීවත්වීමට උත්සාහ ගමු.තෙරුවන් සරණයි!
Bunny Preena Monday, 15 December 2025 09:06 AM
ඔය අම්මණ්ඩිට නම් හොඳක් සිද්ධ වෙන්නේ නෑ. හිර ගෙදර විඳවලම මරෙන්න ඕන.
Neel Monday, 15 December 2025 04:42 PM
මේ ළමයින්ගේ තාත්තාට මොකද වුනේ. හැන්ගිලාද?