පැල්මඩුල්ල රිල්හේනේ දී ත්රිරෝද රියක් හා තේ දලු ප්රවාහන ලොරියක් ගැටී ත්රිරෝද රියේ ගිය මව පියා හා පුතා මරුමුවට පත් වී යැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මව පියා හා පුතා මරුට
san Wednesday, 16 May 2012 08:01 AM
මේ මාර්ගය එක දිගට කි.මී 3 ක් විතර කෙලින් තියෙන්නේ. ලොරි විතරක් නෙවෙයි ඔනෑම වාහනයක් පැයට කිමී 100ක විතර වේගයක් ගන්න උත්සහ කරනවා. මේකට නිවැරදි වේග සීමා ක්රියාත්මක කරන්න ඔනි. පසුගිය සතියේ වෙගයෙන් ධාවනය වූ කැබි රියක් මෙම ස්ථානයේදීම යතුරු පැදියෙන් ගමන් කරපු මාවත් හප්පගෙන ගියා.පෙර පිනකට මට ලොකු තුවාල සිද්ධවුනේ නෑ.
හිමා Wednesday, 16 May 2012 08:21 AM
ලොරි කාරයාගේ වරද නෙමේ වෙන්න ඇති....ත්රීවීල් තමා රටේ අනතුරු වැඩි කරන්නේ.ට්රැෆික් පොලිසය කරන්නේඅවශ්ය දේ නෙමෙයි ....වැරදි නිවැරදි කිරීමක් නැහැ.කරනකම් ඉඳලා බය කරලා ගානක් ගන්නවා.කවදා හැදේද දන්නේ නැහැ.
දිනේෂ් Wednesday, 16 May 2012 08:38 AM
ලංකාවට ත්රීවීලර්ස් වෛරසයක්....
සන්ජීව Tuesday, 15 May 2012 07:33 PM
අනේ පවු ජීවිත. ලොරි රියදුරන්ට පොඩි වාහන පේන්නෙම නෑනේ
මංඡුල බ්රුට් Tuesday, 15 May 2012 07:56 PM
දවසකට විස්සක් තිහක් මැරෙන තරමට රියඅනතුරු සිදුව්ම භයානක තත්වයක්. රඡය විසින් වහාම නිසි පියවරක් ගතයුතුයි
රජිත් Tuesday, 15 May 2012 08:09 PM
විවෘත ආර්ථිකයෙන් පසු ඇතිවු සමාජ, ආර්ථික සහ දේශපාලනික බලපෑම් වල ප්රතිඵල
හර්ෂ Tuesday, 15 May 2012 08:17 PM
ඔබට නිවන් සුව! පවු!
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 09:32 PM
ලොරි රියදුරන්ට පොඩි වාහන නොපෙනනවා නෙවෙයි.ඔයා දැකලා තියෙනවද කහ ඉරි පෙනි පෙනී මේ ත්රීවිල් කාරයෝ දාන වෙට්ටු ටික.ඒ නිසා කොයි තරම් මහා මාර්ගයේ හදිසි අනතුරු සිදු වෙනවද? මම අනන්තවත් දැකලා තියෙනවා ඉඩ නැතිවත් ත්රීවීල් ලොකු වාහන අස්සෙන් දාලා වෙට්ටු දාලා ඉස්සර කරන්න දඟලන හැටි
අයිවන් Tuesday, 15 May 2012 11:18 PM
අපේ ලංකාවෙ ඩ්රයිවර්ලාට දෙවි පිහිටයි.
සමන් පෙරේරා. (වෙරොනා) Tuesday, 15 May 2012 11:28 PM
රිය අනතූරැවලට මුලික හේතූව විනයක් නැතිකම. මුලින්ම කළයුත්තේ වීනිත රියැදුරන් බිහිකිරිම.
අමිල කටුනායක Tuesday, 15 May 2012 11:52 PM
පවු වටින ජීවිත තුනක්
එස්.එල්.ටී.කේ.2004 Tuesday, 15 May 2012 11:55 PM
@රජිත් : එත කොට විවෘත ආර්ථික තියෙන අනිත් රටවල මෙහෙම නැත්තේ ?
අලිබබා Wednesday, 16 May 2012 12:19 AM
ඒ විදිහට වෙටිටු දාන්නේ ලංකා නීතියේ තියෙන්නේ පිටිටුනිසා. පාරෙ යන වහනත් එක්ක ඔටිටුවෙලා. මෙවිදිහට කිටිටුවෙනවා.අහිංසක මිනිසුන් මරලදාලා අවසානෙදී හිරගෙවල් ඇතුලේ මටිටුවෙනවා.
විජය Wednesday, 16 May 2012 02:29 PM
නිතරම අනතුරු සිදුවන තැනක් තමයි මේ. පාර කෙලින් තියන නිසා වාහන වේගයෙන් යනවා. රථවාන පොලීසිය පාර කෙලින් තියන තැන්වල ඉන්නේ නෑ. වංගුවල හැංගිලා තමයි ඉන්නේ.
පිනීබබා Wednesday, 16 May 2012 12:56 AM
ලංකාවෙ රියදුරැ බලපත්රයක් ගන්නව කියන්නේ මිණීමරන්න අවසර ගත්තා වගේ වැඩක්
දර්ශන Wednesday, 16 May 2012 12:55 AM
ලොරියේ රියදුරට මරණ දඩුවම දෙන්න ඕනේ.
අහිංසක Wednesday, 16 May 2012 02:27 AM
විවෘත්ත ආර්ථිකේවත් වාහන වැඩිවීමවත් නෙවෙයි සමන් පෙරේරා කියන්න වගේ විනය නැතිකම හා අනෙකා ගැන තැකීමක් නැති වීම, ලෙහෙසියෙන් නිදහස් විය හැකි බව හා ලොකු අයගෙන් ලැබෙන හයිය. ඒත් ඉතින් මෙමෙහ කියලා නිකන් හිටියොත් ලංකාවෙ ජනගහනය ඉතා ඉක්මනින් පහළ යයි.
ප්රභා Wednesday, 16 May 2012 05:10 AM
ඇයි අපි න වාහනයේ වේගය වැඩි නම් රියදුරාට බලපෑම් නොකරන්නේ? අපි සල්ලි ගෙවන්නේ ගමනක් යන්න මිසක් මැරෙන්න යන්න නෙමේනේ. මම දැකලා තියෙනවා ආරක්ෂිතව සෙමින් පදවන රියදුරන්ට බනින මිනිස්සු. මේකත් ජාතික ප්රශ්නයක්. සියල්ලොම දැනගත්වා.
ලාල් දවුලගල Wednesday, 16 May 2012 05:45 AM
ත්රිරෝද රථ රියදුරන්ගේ ඔලුවේ තියෙන්නේ සල්ලි සහ හදිස්සිය පමණයි!!!
හනුමා Wednesday, 16 May 2012 06:48 AM
මැරෙන්න තියෙන හදිස්සියක්. ඉක්මන් කොටයි මහතුනේ. ඔබ සියළු දෙනාටම නිවන් සුව පතමි.