මොවසාලට් කර්වා හි වෛද්‍ය කොමිසම් ඒකකය පසුගියදා ප්‍රවාහන සහ සංනිවේදන අමාත්‍ය ජාසිම් බින් සායිෆ් අල් සුලායිති සහ පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉසා බින් සාද් අල් ජෆායිල් අල් නුආයිමි විසින් විවෘත කළ අයුරු. මෙම අවස්ථාවට මොවසලාට් ප්‍රවාහන සමාගමේ සභාපති නාසර් මොහොමඞ් අල් මල්කි, මොවසලාට් කළමනාකාර අධ්‍යක්ෂ කාලීඞ් අල් හායිල් ඇතුළු ඉහළ නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක්ම සහභාගි විය.
මොවසලාට් සේවකයන්ට අනිවාර්ය වෛද්‍ය පරීක්ෂා පහසුකම් ලබාදීම සඳහා වෛද්‍ය කොමිසමේ ශාඛාවක් කර්මාන්ත පුරවරය අසළ මොවසලාට් ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා විවෘත විය. කටාර් රියාල් මිලියන 15 ක් වැය කොට ඉදිකර ඇති මෙම ඒකකය තුළ දිනකට පුද්ගලයන් 200 කට සේවා සැළසිය හැකිය.
එය ඉදිරියේදී දිනකට පුද්ගලයන් 450 කට සේවා සැපයිය හැකි ආකාරයෙන් වැඩි දියුණු කිරීමට නියමිත අතර නව ඒකකය පසුව අනෙක් පිරිස් වෙතද විවෘත කිරීමට නියමිතය.
මොවසාලට් කර්වා හි වෛද්‍ය කොමිසම් ඒකකය පසුගියදා ප්‍රවාහන සහ සංනිවේදන අමාත්‍ය ජාසිම් බින් සායිෆ් අල් සුලායිති සහ පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉසා බින් සාද් අල් ජෆායිල් අල් නුආයිමි විසින් විවෘත කළේය.
මෙම අවස්ථාවට මොවසලාට් ප්‍රවාහන සමාගමේ සභාපති නාසර් මොහොමඞ් අල් මල්කි, මොවසලාට් කළමනාකාර අධ්‍යක්ෂ කාලීඞ් අල් හායිල් ඇතුළු ඉහළ නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක්ම සහභාගි විය.
“වෛද්‍ය කොමිසමේ නව ඒකකයක් ස්ථාපති කිරීමේ ප්‍රධානම අරමුණ තමයි සේවකයන්ට උසස් තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ජාතික න්‍යාය පත්‍රයේ රාමුව තුළින්ම අදාළ අවශ්‍යතාවය සපුරාලීම” යැයි මෙම අවස්ථාවේ පැමිණි සිටි පිරිස අමතමින් අල් සුලායිති මහතා පැවැසීය.
මොවසලාට් වෛද්‍ය කොමිසම් ඒකකය තුළ ලියාපදිංචි අංශයක්, සර්වාංග රෝග සායනයක්, උගුරු, කණ සහ නාසිය පිළිබඳ සායනයක්, දන්ත වෛද්‍ය සායනයක්, රසායනාගාර අංශයක්, විකිරණ විද්‍යා අංශයක් සහ සේවාස්ථ සෞඛ්‍ය සායනයක්, පුර්ව සේවායෝජක වෛද්‍ය පරීක්ෂණ කිරීමේ මධ්‍යස්ථානයක් සහ වාර්ෂික වෛද්‍ය පරික්ෂණ සිදුකිරීමේ අංශයක්ද ස්ථාපිත කර ඇත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.