( දිල්රුක්ෂි ග්‍රේරු)
පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවෙන් මේ වන විට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා වයිරස් සාන්ද්‍රණ මට්ටම වර්ධනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
අද (07) පැවැති මාධ්‍ය හමුවකදී සුදත් සමරවීර මහතා මේ බව පවසා සිටියේය.
මෙම හඳුනාගත් පිරිස් වසංගතය මුල් අවදියේ දී පසුවීම හෝ වෛරසයේ වෙනස් හැසිරීම නිසා මෙය මෙසේ වන්නට බොහෝ විට ඉඩකඩ ඇති බවට අනුමාන කළ හැකි බවද වෛද්‍යවරයා කීවේය.
මේ වන විට හඳුනාගත් සියලු ආසාදිතයින් ආශ්‍රිතයින් ආරක්ෂිත ලෙස නිරෝධායන කටයුතුවලට යොමු කර ඇති බවත් සඳහන් කළ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය රෝහල් පද්ධතියේ පහසුකම්ද නිසි ඇයුරින් ඇති බවත් අවශ්‍ය වූවහොත් ඉදිරියෙදී අවශ්‍ය වැඩිපහසුකම් සැළසීමට කටයුතු කරන බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘මෙවර සොයාගත් අසාදිතයින්ගේ වයිරස් සාන්ද්‍රණය වැඩියි‘
asanka Wednesday, 07 October 2020 07:13 AM
බ්‍රැන්ඩික්ස් පුද්ගලයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඔබ පිළිතුරු දිය යුත්තේ කෝවිඩ් -19 ඔබේ ආයතනය තුළට ඇතුළු වී රට ආසාදනය කර ඇති ආකාරය නිසායි. ලංකාවේ සමාජයෙන් පසුගිය මාස දෙකේ කිසිම අසාධිතයෙක් හමු වුනේ නැහැ. සේවකයින් ඉන් ආරක්ෂාවීමට දැනුම්දීලා දැනුවත් වෙලා සිටිය පසුබිමක මෙම වැඩ භුමිය තුළට කොරෝනා අහසින් වැටිලා නැහැ. එතකොට මෙම වැඩභූමිය තුළට ආ ගිය හැමකෙනෙකුගේම හා හැම වාහනයකම තොරතුරු වැඩ භූමිය ආරක්ෂක සේවාකුටියේ ලොග්පොත් වල තිබෙනවා. එහි කිසිම සැක අයෙකු නැහැ.