IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මාලේ හිටපු ජනපති ඇමරිකාවෙන් - ඉන්දියාවෙන් සහය ඉල්ලයි

මාලේහිදීය (ඒ.එෆ්.පී)

වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ධුරයෙන් ඉවත් කිරීමට සහාය වන්නැයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා ඇත. 
 
ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් ‘හමුදා නීතිය’ ක්‍රියාත්මක කර ඇතැයි ද මාලදිවයිනෙන් පිටුවහල් කර සිටින හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. 
 
මොහොමඞ් නෂීඩ් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ පළමු ජනාධිපතිවරයාය. 
 
හිටපු ජනාධිපති නෂීඞ්ගේ ඉල්ලීම මාලදිවයිනේ ඔහුගේ පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් කර තිබේ. එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.
 
“ජනාධිපති අබ්දුල්ලා යමීන් නීතිවිරෝධී ලෙස හමුදා නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. අපි ඔහු බලයෙන් ඉවත් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ලෝකයෙන් ඉල්ලීමක් කිරීමට මාලදිවයිනේ වැසියන්ට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. විශේෂයෙන්ම අපි ඉන්දියාවෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහාය ඉල්ලා සිටිනවා”. 

055



අදහස් (2)

මාලේ හිටපු ජනපති ඇමරිකාවෙන් - ඉන්දියාවෙන් සහය ඉල්ලයි

Laksitha Paris Tuesday, 06 February 2018 11:51 AM

ඇමෙරිකාව එයි . හරි ආසයි ඕවට

:       4       99

bandula Tuesday, 06 February 2018 11:52 PM

අපෙන් එහෙම ඉල්ලනවා නෙමෙයි ඕන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site