IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මාලේ ජනපති ගාලු කොටුව බලන්නත් යයි

මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් වහීඩ් හසම් තෙදින නිල සංචාරයක් සදහා අද කටුනායකින් දිවයිනට පැමිණියේය. විදේශ කටයුතු ඇමති ජී එල් පීරිස් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ එච් එම් ෆවුසි යන මහත්වරුන් ගුවන්තොටේදී ඔහු පිළිගනු ලැබීය. මහින්ද රාජපක්ෂ ජනපති සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත මේ සංචාරය ඔහුගේ මංගල ලංකා ගමනයි. මාලේ ජනපති ගාලු කොටුව බැලීමට යාමටද නියමිතය.



අදහස් (0)

මාලේ ජනපති ගාලු කොටුව බලන්නත් යයි

කුෂාන් Friday, 24 August 2012 08:10 AM

ඒ ඔක්කොමත් හරි. ඒත් මට තියෙන ප්‍රශ්නේ අපේ සමහරුන්ගේ කොණ්ඩය එන්න එන්නම කලු වෙනවනේ. (නි)

:       0       0

දුමින්ද Friday, 24 August 2012 08:47 AM

සාදරයෙන් පිළිගන්නවා සර්ව.. (ස)

:       0       0

ප්‍රදීප් Friday, 24 August 2012 08:49 AM

අපේ රටේ අය පෙළපාලි යන තරමින්ම රටේ සංවර්ධනය මැනිය හැකියි (නි)

:       0       0

ශානි Saturday, 25 August 2012 04:46 PM

බැලුවද ලස්සනද

:       0       0

ප්‍රියන්කර Friday, 24 August 2012 04:51 PM

සනත් ඉන්දික - මෝඩයෙක්වගේ කියවන්න එපා (අ)

:       0       0

තිලක් Friday, 24 August 2012 05:13 PM

මාලදිවයින ලංකාවට වඩා දියුණු රටක් ලංකාවෙ වගෙ වර්ජන නැහැ (අ)

:       0       0

Sahehar Dawood Friday, 24 August 2012 05:25 PM

මොනවාද මේ කරන්න යන්නේ (අ)

:       0       0

අනුර Friday, 24 August 2012 10:36 AM

මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

රණාල Friday, 24 August 2012 10:44 AM

ලංකාවේ ආශ්චර්යය බලන්න යනවා (නි)

:       0       0

මහින්ද Friday, 24 August 2012 10:59 AM

ඇයි මෙතුමාව ගෙන්නා ගත්තේ? (නි)

:       0       0

මහින්ද Friday, 24 August 2012 11:04 AM

කට්ටිය කතන්දර කියන හින්දා අඞලා අඞලා ගෙන්න ගත්තෙ මෙයාව. (ස)

:       0       0

ඉරේෂා Friday, 24 August 2012 08:21 PM

අමිල සමරවීර ඔයා මාලේ ගැන දන්නේ මොනවාද (අ)

:       0       0

රොශාන් Friday, 24 August 2012 11:10 AM

ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළගනිමු. (ස)

:       0       0

නිකී Friday, 24 August 2012 11:17 AM

පිස්සු... (ස)

:       0       0

රිස්කාන් Friday, 24 August 2012 11:39 AM

ගාලු සංවර්ධනයට මාලදිවයින් ආධාර පතමි.. (ස)

:       0       0

චන්ද්‍රපාල Saturday, 25 August 2012 12:09 PM

ඉතියෝපියාවේ ජනාධිපති එහෙම මේ පැත්තේ යන්න එන්නේ නැද්ද? (නි)

:       0       0

සමීර Friday, 24 August 2012 09:44 PM

ලංකාවට දැන් හැමෝම එනවා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 24 August 2012 09:45 PM

ගෙවුණු සති දෙක තුළ ලංකාවට ලොව බලවත්ම රාජ්‍යය තුනක නායකයන් පැමිණියා. මම හිතන්නේ මෙයාල එන්නේ ලංකාවේ ආශ්චර්යය දැකගන්න වෙන්න ඇති නේද ? අපි මොනතරම් වාසනාවන්තද? (නි)

:       0       0

කීර්ති Friday, 24 August 2012 09:47 PM

බංගලිදේශ ජනපති එන්නේ නැද්ද? (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 24 August 2012 01:25 PM

ලංකාවට ආධාර එනකොට අදහස් දක්වන අය නිශ්ෂබ්ධයි.. (ස)

:       0       0

ටමාරා Friday, 24 August 2012 01:36 PM

කොච්චර ආදර්ශමත් නායකෙයක්ද? කණ්ඩායමටම 5යි. අපෙන් ගියානම් 500 වත් යනවා. ඉතින් ආසියාවේ ආශ්චර්ය මාලදිවයින බවට පත්වෙන එක අමාරු වැඩක් නෙමෙයි. අමල් සමරවීර, ජගත් කථාව හරියට හරි. අපි ලංකාවේ වුණාට මෙහෙටම ගැතිවෙලා හිතන්න නරකයි. එතකොට වැරදි කරන කෙනාමයි හොදට පේන්නේ. (නි)

:       0       0

ජගත් - මාලදිවයින Friday, 24 August 2012 12:02 AM

අධ්‍යාපන ඇමති නොව ජනපති පාසලකට ආවත් පාසල් දරුවන්ගේ එක් කාලච්ඡේදයක් වත් නාස්ති නො කරන, දෙමාපියන්ගෙන් ශතයක් වත් අය නො කර දරුවන්ට සුපිරි පහසුකම් සමග නවීන අධ්‍යාපනයක් ලබා දෙන මාලදිවයින ආදර්ශයකි.(නු)

:       0       0

ලංකා Friday, 24 August 2012 03:57 AM

යන්තම් අහලා තියෙනවා මේ රට ගැන. (නි)

:       0       0

සනත් ඉන්දික Friday, 24 August 2012 02:34 PM

ගෙවුණු සති 2 තුල ලංකාවට ලොව බලවත්ම රාජ්‍යය 3 ක නායකයන් පැමිණිය. මම හිතන්නේ මෙයාල එන්නේ ලංකාවේ ආශ්චර්යය දැකගන්න වෙන්න ඇති නේද .... අනේ මටනම් දැන් පිස්සු වගේ අනේ .... කාටද ඉතින් ආඩම්බර (ස)

:       0       0

අමල් සමරවීර - මාලදිවයින Friday, 24 August 2012 06:31 AM

රටේ කඩා වැටෙමින් තිබු ආර්ථිකය මෙතුමා ජනාධිපති ධුරයට පත්ව ඉතාම කෙටි කලකින් ස්ථාවරත්වයට පත්කරනු ලැබුවා. උගත්කම හා දේශපාලන පරිණතභාවය හේතුවෙන් මෙතුමා මේ වනවිට මාලදිවයින් ජනතාවගේ මහත් වූ ජනාදරයට පත්ව සිටින කෙනෙක්. කඩයකින් තේ එකක් බිවුවත් වේටර් කෙනෙකුට සන්තෝෂමක් දෙන්නට තහනම් මාලදිවයින නීතිය හා සාරධර්ම ඉහලින්ම පිළිපදින රටක් ලෙස එහි කාලයක් තිස්සේ සේවය කරන මා හොදින් දන්නවා. (නි)

:       0       0

මොහොමඩ් Friday, 24 August 2012 08:06 AM

අමල් - ජගත් දෙන්නාගේ කතාවෙන් පේන්නේ ආසියාවේ ආශ්චර්ය මාලදිවයින බවට පත්වෙන එකයි. එතකොට ලංකාවට මොකද වෙන්නේ? ලංකාවේ අඩුපාඩුකම් විතරක් මිනිස්සුන්ට පෙනුනට හොද ‍පැත්තකුත් තියෙනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site