(දීපා අධිකාරි,ප්‍රසාද් මුතුකුඩ)
වටිනාකම ගණනය කළ නොහැකි රන් ආබරණ තොගයක් බැංකොක් සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ බණ්ඩාරගම ව්‍යාපාරිකයෙන් ගුවන්තොටුපොළ රේගුවෙන් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
‘ග්‍රීන් චැනල් පිටවුමෙන්‘ (රේගුවට භාණ්ඩ ප්‍රකාශ නොකරන පිටවුමෙන්) එළියට යෑමට තැත් කරද්දී ඔහු අල්ලාගෙන තබේ.
කාන්තා පාහවහන් බෑගයක පතුලේ සඟවා තිබූ රණ් ආබරණවල මැණික් හා දියමන්ති ඔබ්බවා ඇතැයි ද, එනිසා වටිනාකම ගණනය කළ නොහැකි යැයි ද රේගු ආරංචි කියයි.
ගුවන්තොටුපොළ රේගුවෙන් අත්අඩංගුවට ගත් වැඩිම වටිනාකමක් ඇති රන් ආබරණ තොගය මෙය බව සැලකේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිල කළ නොහැකි රන් අබරණ තොගයක් රේගුවේදී අත්අඩංගුවට
sachith Tuesday, 27 June 2017 02:56 AM
"රණ් ආබරණවල මැණික් හා දියමන්ති ඔබ්බවා ඇතැයි ද..." ඔන්න බලන්න ඕව වීදුරු ගල් වෙන්නේ නෙද්ද කියල උසාවියට යනකොට.
චන්දා Tuesday, 27 June 2017 04:43 AM
නියමිත ගාන දුන්නා නම් මේවා අහුවෙනවා තියා පත්තර වලත් වැටෙන්නේ නැහැ.
sam Tuesday, 27 June 2017 07:12 AM
සචිත්, ඒ විතරක් නොවේ , උසාවියට ගියාට පස්සේත් රන් ආභරණ පිත්තල වෙලා තිබුනේ පහුගිය දවස්වල
dill Tuesday, 27 June 2017 09:10 AM
ඇල්ලුවේ දෙන්නයි ෆොටෝ එකට හයයි.
dill Tuesday, 27 June 2017 09:14 AM
රේගු නිළධාරීන් මෙච්චර ලස්සනට ඇදල ඉන්නවා මම දැකල නැහැ .