
(බී ජී චතුරංග)
මොරටුවේ සිට අනුරාධපුරයට පැමිණි මවක් තම දරු දෙදෙනා සමග මල් අතු ඔයට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ සිද්ධියේ සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටින දරු දෙදෙනාගෙන්, පිරිමි දරුවාගේ සිරුර මල්වතු ඔයේ අකුලක සිරවී තිබියදීඅනුරාධපුර පූජා නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේදී සොයා ගත් බව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගනු ලැබුවේ තිෂුක මීරියගල්ල නැමති 8 හැවිරිදි පිරිමි දරුවාගේ සිරුරය. මල්වතු ඔයේ දිය පහරට ගසා ගෙන ගොස් තවමත් අතුරුදහන්ව සිටින වයස අවුරුදු හතරක් වන, සිතුල්යා මීරියගල්ල දැරිය සොයා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් බෝට්ටු යොදා ගෙන සහ ජලයේ කිමිදෙමින් මෙහෙයුම් වල නිරත වෙමින් සිටියහ.
මීට දින පහකට පෙර දෙදරු මවක, වයස අවුරුදු අටක් වන ඇගේ පිරිමි දරුවා සහ වයස අවුරුදු හතර හමාරක ගැහැණු දරුවා සමග අනුරාධපුරයට පැමිණ අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ මිහිඳුපුර පාලම අසලින් මල්වතු ඔයට පැන තිබූ බව පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
147
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මල්වතු ඔයට වැටුණු අයියගේ සිරු හමුවේ:නංගී තවමත් අතුරුදන්