IMG-LOGO

මැලේසියා රජුගෙන් ශ්‍රී ලංකා ජනපතිට ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා මැලේසියා සමාගම් උනන්දු කරවන බව මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නිව්යෝක් නුවර දී පැවසීය.

මැලේසියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනිමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳව ද මැලේසියා අග්‍රාමාත්‍යවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම් (Anwar bin Ibrahim) මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී සිදු විය.

මැලේසියාවේ සංචාරයක නිරතවන ලෙස මැලේසියාවේ රජතුමා කළ ආරාධනය ද මැලේසියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී දැනුම් දුන්නේය. එය පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ මැලේසියාවේ සංචාරය සඳහා පැමිණෙන බව ද තහවුරු කර සිටියේය.

එසේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කර තිබෙන ඉල්ලීමට සහය දැක්වීමට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා එකඟ විය. ලබන මාසයේ දී කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) කලාපීය සමුළුව සඳහා මැලේසියා විදේශ අමාත්‍යවරයා සහභාගී කරවන බවද මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් බින් ඊබ්‍රහීම් මහතා සඳහන් කළේය.

 



අදහස් (4)

මැලේසියා රජුගෙන් ශ්‍රී ලංකා ජනපතිට ආරාධනයක්

Aravinda Monarawila Thursday, 21 September 2023 04:37 PM

හිරේට යන්න කලින් ලෝකය වටේ රවුම් ගහන්න ඕන හින්දා වැඳ වැටිලා ආරාධනය කරන්න කියලා ඉල්ලන්න ඇති .මෙයා කොහොමටත් හර්ද ශාක්ෂියක් හෝ ලැජ්ජාවක් තියෙන මිනිහෙක් නෙමෙයි

:       0       0

Perera Friday, 22 September 2023 08:30 AM

ආරාදනාවක් සෙට් කරන් වරෙන් නවසීලන්තෙට සාදරෙන් පිලිගන්න.

:       0       0

Weerasumana Friday, 22 September 2023 11:05 AM

මැලේසියන් රජු ඉල්ලන් කන්නයි හදන්නේ...!

:       0       0

Nimesh Ariyarathne Friday, 22 September 2023 01:46 PM

පුළුවන් නම් මැලේසියාව තුළ ඉන්න ලාංකිකයින්‍ට වීසා ලබාදීලා වැඩ පිළිවෙලක් සකස් කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1008 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site