හිරාන් ප්‍රියංකර ජයසිංහ
කොරෝනා ආසාදිතව මුල්ලේරියා පිහිටි නැගෙනහිර කොළඹ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි පුත්තලම කඩමයාකුලම් ප්‍රදේශයේ කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු හත් දෙනෙකු සුව වි නැවත පුත්තලම මොවුන්ගේ නිවෙස් වෙත අද ( 18 ) සවස එවා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි.
මෙසේ පුත්තලමට මුල්ලේරියා කොරෝනා ප්‍රථිකාර රෝහලින් එවා ඇත්තේ පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වු හත් දෙනෙකී .
මොවුන් අතරින් කුඩා දරුවන් තිදෙනෙකු වැඩිමහල් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු වන බව කියයි.
මෙම හත්දෙනා සමග කොරෝනා ආසාදිත නොවු මාස නවයක කුඩා දරුවකු හා කාන්තාවක් මුල්ලේරියාව රෝහලට යවා තිබුනී.
එසේ යැවිමට හේතු වි තිබුනේ මාස නවයේ දරුවාගේ මව කොරෝනා ආසාදිතයකු විමත් එම දරුවා බලා ගැනිම වෙනත් අයකු වෙත ලබා දිමට නොහැකි විමත් බවයි.
ඒ සමගම කොරෝනා ආසාදිත වු කුඩා දැරියක් තනිව යැවිමට නොහැකි විම නිසා ඇගේ මව යැවිමට සෞඛ්‍ය අංශ වලට සිදුව තිබුනී.
කෙසේ නමුත් මෙම ප්‍රතිකාර ලබන අතර තුර මෙම මාස නවයක දරුවාටත් කාන්තාවටත් කොරෝනා ආසාදිත වි නොතිබු බව කියයි.
කෙසේ නමුත් කොරෝනා රෝග තත්වය සුව වි නිවෙස් වෙත පැමිණියද මෙම හත් දෙනා සහ කුඩා දරුවා හා අනෙක් කාන්තාව ඇතුළු තව දෙනා තවත් දින 14 ක් නිවෙස් තුල පවුල් වල පිරිස් සමග නිරෝධායනය විම අනිවාර්ය බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
මෙසේ සුවවු පිරිස් ගිලන් රථ මගින් මෙම රෝගින්ගේ නිවෙස් වෙත එවිමට කටයුතු කල බව කියයි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුත්තලමේ 7ක් සුව වෙති