IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මැලේරියාව ගෙනයන නව මදුරුවෙක් මන්නාරමෙන්

(රොමේෂ් මධුෂංඛ)

‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වවුනියාවෙන් හමු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති අතරම ජනතාව තුළ බියක් ඇතිව තිබේ.

මෙම නව මැලේරියා මදුරු විශේෂය ඉන්දියාවෙන් පළමුව වාර්තා වී ඇති අතර මර්ධනය කිරීමටද තරමක් අපහසු බවට සෞඛ්‍ය බලධාරීන් පවසති.

ජාතික මැලේරියා මර්ධන ඒකකය පැවසූවේ නව මැලේරියා වාහක මදුරුවා තලෙයිමන්නාරම ප්‍රදේශයේ පේසාලේ ළිඳක තිබී පළමුව සොයාගත් බවත් පසුව වවුනියාවේ බස්නැවතුම්පල ආසන්නයේ සහ ළිඳක තිබී හමු වූ බවත් ය.

කෙසේ වෙතත් මේ දිනවල අදාල මදුරු කීටයින් සොයා වවුනියාව නගර ආශ්‍රිතව විශේෂ පරික්ෂණයක් කෙරෙන බවත් ඒ නිසා ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් ජාතික මැලේරියා මර්ධන ඒකකය පැවසීය.


“ වවුනියාවෙන් එවැනි මදුරු විශේෂයක් හමු වූවත් මේ වන තුරු එවැනි රෝගීන් කිසිවෙක් වාර්තා වෙලා නැහැ.එවැනි රෝගයක් පැතිරීමේ බියකුත් නැහැ.නමුත් මේ මදුරුවා පැතිරීම වළක්වා ගැනීමට තමයි අපි මේ දවස්වල කටයුතු කරන්නේ.මේ මදුරු වාහකයා නගර ආශ්‍රිතව සිටින මදුරුවෙක්.අපි පිටරටින් එන මැලේරියා රෝගීනුත් බොහෝ ප්‍රමාණයක් හඳුනාගන්නවා.පිටරටින් එන රෝගීන් අතර මේ මදුරු විශේෂයේ රෝගීනුත් ඉන්නවනම් මෙය පැතිරෙන්නටත් පුළුවන්. “යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය වෛද්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.



අදහස් (0)

මැලේරියාව ගෙනයන නව මදුරුවෙක් මන්නාරමෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site