IMG-LOGO

මාලිමාවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරියට

(මුදිතා දයානන්ද )


ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තීරණය කර ඇති බව එම සංවිධානය අද  (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

 හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජනවේගයට අනුබද්ධ ජාතික විද්වත් සංවිධානයේ අධ්‍යාපන හා ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකාවකි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානයේ ලේකම්වරියක ලෙසද ඇය කළක් කටයුතු කර ඇත.
 
පසුගිය පාලන කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.
 
ශ්‍රී ලංකාවේ පරිවාස හා ළමා ආරක්ෂණ සේවා,, රාජ්‍ය සංවර්ධන ප්‍රතිපත්ති හා මානව සංවර්ධනය, තරුණ විරැකියාව හා ගැටුම් ස්ත්‍රී පුරුෂ භාවය, ළමා ආරක්ෂාව, ගෝලීයකරණ්‍ය හා සංවර්ධන යන ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර ඇති ඇය කළක් ළමා ආරක්ෂාව හා මානව සංවර්ධනය පිළිබඳ උපදේශිකාවක් ලෙසද කටයුතු කර තිබේ.



අදහස් (18)

මාලිමාවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරියට

සුසන්ත Wednesday, 12 August 2020 05:35 AM

ප්‍රතිපත්ති කියන්නේ කඩදාසි කොලකෑලිවල තියෙන අකුරු විතරක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නපු මාලිමාවේ මහත්වරුන්ට ස්තූතියි. ඇවිදින මලමිනී වගේ මිනිස්සුන්ව සනසන්න තනතුරු දෙන එක නවත්තලා සුදුසු අයට තැනදෙන්න අනිත් පක්ෂත් කටයුතු කරනවා නම් රටට සෙතක් වෙයි. ජාතික ලැයිස්තුවක අරමුණත් ඒකයි...

:       255       755

ananda Wednesday, 12 August 2020 05:50 AM

ස්තුතියි ජාතික ජන බලවේගය...

:       83       470

Sanath Kandy Wednesday, 12 August 2020 06:06 AM

උගත්කමට, නිවැරැදි දැක්මට අවස්ථාවක් ලැබුණේ ජන බලවේගය පමණයි... ජයවේවා..!!!

:       166       560

Indrajith Wednesday, 12 August 2020 06:08 AM

හොඳ තේරීමක්...

:       15       215

Nissanka Wednesday, 12 August 2020 06:11 AM

නව මුහුණුවරකින් ඉදිරියට යන්න. රටේ අනාගත බලාපොරොත්තුව මාලිමාව.

:       84       276

Fernando Wednesday, 12 August 2020 06:12 AM

උගත් කමට අවස්ථාවක්... නිවැරැදි තේරීමක්... ජයවේවා...!!!

:       15       203

Nissanka Wednesday, 12 August 2020 06:26 AM

ඉදිරියෙන් ඉදිරියට යමු.. රටේ අනාගතය ජාතික ජන බලවේගයයි.

:       11       466

ana Wednesday, 12 August 2020 07:00 AM

ගැලපෙන අය.

:       17       213

nila Wednesday, 12 August 2020 07:14 AM

මාලිමාවට ස්තුතියි...

:       37       215

මුණසිංහ Wednesday, 12 August 2020 07:36 AM

කලින් පාර්ලිමේනතුවලත් මහාචාර්යවරු හිටියා. එයාල රට වනසපු හැටිත් දැක්කා. ඒවත් ආදර්ශයට අරගෙන ජවිපෙ නැවත මහජනතාව අතරට යන පක්ෂයක් හැටියට නැවත ගොඩ නැගීම මෙතුමියට ඇති බරපතල වගකීමක්. ජවිපෙන් ඉවත්වූ පෙරටුගාමී පිරිස් ජවිපෙට නැවත ලංකර ගැනීමත් වගකීමක්.

:       0       0

athula Wednesday, 12 August 2020 07:58 AM

ප්‍රතිපත්ති වල තියෙන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන ඔබලා රටේ අනාගත බලාපොරොත්තුවයි.

:       65       189

Rakitha Wednesday, 12 August 2020 08:07 AM

පොහොට්ටුවෙත් ඉන්නවා උගත් ආචාර්ය, මහාචාර්යවරු ගොඩක්...

:       218       129

NissankaWednesday, 12 August 2020 08:42 AM

ඒ වුණාම පරණ සෙට්එකම තමයි ඇමැති මණ්ඩලේ පත්වෙලා ඉන්නේ...

:       224       385

SulakshanaWednesday, 12 August 2020 10:33 AM

ලිස්ට් එක හරියට මොලෙන් බලන්න... එතකොට පෙනෙයි.

:       0       1

chandana Wednesday, 12 August 2020 10:00 AM

මම මාලිමාවට දුන්න ඡන්දයට සාධාරණයක් ලැබිලා තියෙනවා. මාලිමාව දිනෙන් දින දිනේවා.

:       16       146

chandana Wednesday, 12 August 2020 10:03 AM

සියයට දහස්වාරයක් හොඳ වැඩක් කියලා පෙනිපෙනීත් අන්ලයික් දාන අය ඉන්නවා. චොකා මල්ලිට මරණ දඬුවම ලැබිලා තිබියදීත් ඡන්ද ලක්ෂ ගණන් දෙන මෝඩයින් ඉන්න රටක්නේ මේක...

:       37       293

Nihal Dharmatileke Wednesday, 12 August 2020 10:28 AM

සුදුස්සාට තැනක්... ජයවේවා..!!!

:       0       4

අරුණ Wednesday, 12 August 2020 01:11 PM

දාපු ඡන්දයට නියම වටිනාකම දුන්නු අවස්ථාවක්. ජ.වි.පෙ බලය මාලිමාව ඇතුලේ වැඩියි කියලා තමන්ගේ කෙනෙක් යවන්න කියලා කෑගහගන්නේ නෑ බුද්ධිමත් මිනිස්සු. ඕනෑ නම් හඳුන්ව දාන්න තිබ්බා. නමුත් ප්‍රතිපත්ති නම් ප්‍රතිපත්ති. අනිත් අයත් මේවා ඇස් ඇරලා බලන්න ඕනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site