IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මුලතිව් ඉඩම් අක්කර 279 ක් ජනතාවට

හර්ෂණ තුෂාර සිල්වා

මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ පැවැති ඉඩම් ගැටළුවට විසඳුමක් ලෙස කේපාපිලව් සහ සීනියාමුඩෙයි  ප්‍රදේශවලින් ඉඩම් අක්කර  279 ක් ඉඩම් අහිමි ජනතාවට ලබා දීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එකඟ වී ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා සඳහන් කරයි. තමා  සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා   අතර සාකච්ඡාවක් පැවැති බවත් එහිදි ඉහත තීරණය ගෙන ගත් බවත් ඇමැතිවරයා කියයි.

මේ අනුව කේපාපිලව් ගම්මානයේ රජය සතු ඉඩම් අක්කර 248 ක් සහ සීනියාමුඩෙයි ගම්මානයේ පෞද්ගලික ඉඩම් අක්කර 31 ක් ලබන මැයි 15 වැනිදාට පෙර නිදහස් කිරීමට නියමිතය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය රුපියල් මිලියන පහක මුදලක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ගෙවා තවත් පෞද්ගලික ඉඩම් අක්කර 189 ක් නිදහස් කරගැනීමට නියමිතව ඇත. 



අදහස් (0)

මුලතිව් ඉඩම් අක්කර 279 ක් ජනතාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site