.ආජන්ටිනාවේ හොසේ මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමා පළමුවැනි ප‍්‍රැන්සිස් පාප්තුමා හැටියට පත්වීම පිළිබඳ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඉමහත් සතුටට පත්වන බව ඉතාලියේ ශ්‍රී ලාංකීක ශ‍්‍රම සංක‍්‍රමනික අධ්‍යාත්මික උපදේශක නෙවිල් ජෝ පියතුමා රෝමයේ සිට ප‍්‍රකාශකර සිටී.
නව පාප්තුමාගේ මව සහ පියා ඉතාලියේ පියමොන්තේ ප‍්‍රාන්තයේ සිට අර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවරට සංක‍්‍රමිකයන් ලෙස පදිචියට ගියහ. පියා දුම්රිය සේවකයෙකි. පස්දෙනෙකුගෙන් යුත් දුප්පත් පවුලක ඉපදුණු හොසේ (ජොසේ)මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමෝ, පළමුවැනිවරට ජේසු නිකායේ, ලතින් ඇමරිකා රටක, මෙන්ම යුරෝපීය නොවන රටකින්, මෙන්ම ප‍්‍රැන්සිස් යන නාමය යටතේ රෝමානු කතෝලික සභාවේ 266 වැනි පාප්තුමා ලෙස පත්වූහ
. මෙතුමා රසායන විද්‍යා උපාධිධාරයෙක්ද වේ. ඔහු තමන්ගේ ආහාර තමා විසින්ම සකසා ගන්නා ඉතා සරල ජීවිතයක් ගතකරන පූජකවරයෙකි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැල්කම් කාදිනල්තුමෝ නව පාප්තුමාට සුබ පතති
තාරක Thursday, 14 March 2013 10:28 AM
අපෙනුත් සුභපැතුම් (දී)
නිරෝෂන් Thursday, 14 March 2013 10:47 AM
ඔහුට සුබ පතමි (ස)
උපුල් Thursday, 14 March 2013 10:58 AM
පාපේ පදවියට ඉතාම සුදුස්සෙක් පත් වී ඇති බව මගේ හැගීමයි. ඔය කරුණට අමතරව උන්වහන්සේ ඉතාම අල්පේච්ච ජීවිතයක් ගත කරන අයෙකු ලෙස ප්‍රසිද්ධයි. මෙතුමා ආර්ජන්ටිනාවේ බිෂොප් ව සිටියදී එම පදවිය වෙනුවෙන් ලැබූ වරප්‍රසාද වන සුඛෝපභෝගී වාහනය හා කාර්යාලය ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකි. එමෙන්ම දුප්පතුන්ට උදව් කළ අයෙකි. එවන් අයකු අප කතෝලික සභාවට නායකත්වය දෙන එක ගැන අප සතුටු වන්නෙමු . (නි)
සිල්වා Thursday, 14 March 2013 11:22 AM
අපේ ගෞරවනීය සුබ පැතුම් ! ජේසු පිහිටයි (ස)
ලලිත් Thursday, 14 March 2013 11:53 AM
ශ්‍රී ලාංකිකයින් වන අප සැමගේ සුභාශිංසනය! (නි)
ගයාන් Thursday, 14 March 2013 11:58 AM
රෝමානු කතෝලික දහම ලොව පුරා පතුරවන්න සහ වෙන් වී ගිය කතෝලිකයන් නැවත එකතු කරන්න ඔබුතාමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
යොහාන් Thursday, 14 March 2013 12:05 PM
ප්‍රශංසා වේවා ! (ස)
ලලිත් Thursday, 14 March 2013 12:36 PM
අපරාධ, දූෂණ පුවත් විතරක් පළවෙන අද රටේ මේ පුවත ඉතාමත් හොදයි. (නි)
මේරික්ලෙයාර් Thursday, 14 March 2013 12:48 PM
සුභ පැතුම් ! (නි)
අමිල කටුනායක Thursday, 14 March 2013 01:24 PM
සරළ පූජකයෙක් නිසා සතුටුයි.. අපේ කාදිනල්තුමාගේ වාහනය දැක්කාම එයා ගැන හිතාගන්න පුළුවං.!(නු)
විජය කුමාර Thursday, 14 March 2013 01:44 PM
සුබ පැතුම් , දිගුකල් වැජඹේවා (ස)
නිත්‍යා Thursday, 14 March 2013 01:55 PM
සුබ පැතුම් (ස)
සුරංග Thursday, 14 March 2013 02:06 PM
සුභ පැතුවට පොඩ්ඩක් හරි ඉරිසියා ඇති.. මොකද මෙයත් ඡන්දෙට ගිහිං පැරදුනානේ..!(නු)
රෙිස් Thursday, 14 March 2013 02:36 PM
දැන් මේ කතාව ඇති (ස)
සඳුනි Thursday, 14 March 2013 02:38 PM
අපේ ගෞරවනීය සුභ පැතුම් (ස)
උපුල් Thursday, 14 March 2013 03:01 PM
සැමදේටම ලංකාදීපයට තුති! (නි)