එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියයි.
‘‘රාජපක්ෂ රෙජීමය සහ එහි මැරයන් කරන වැඩ නිසා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට ජය ලැබෙනවා. ඒක නිසා අපි ඒ අයට ස්තූතිවන්ත වෙනවා. මිනිසුන්ට නිරුවත් කර පහර දෙනකොට පොලිසිය අත් දෙක බැඳගෙන බලන් හිටියා. මේවා කරන මැරයන්ට, තක්කඩින්ට, කුඩුකාරයන් කියන්න කැමතියි ලබන ජනවාරි 8 වැනිදයින් පස්සේ ඒවා ඉවරයි. සාමය, යුක්තිය, නීතිය, විනය යළි රටට උදා වෙනවා. ඒක කරන්නේ අපේ ජනතාව.
ඉන් පසු ප්‍රචණ්ඩ ක්‍රියාකරල, දූෂණ කරල මිනී මරල කිසිවකුට බේරිල යන්ඩ බැහැ.
ප්‍රචණ්ඩත්වයේ යෙදී ඉන්න අයට දඬුවම් නොලැබීමේ සහතිකයක් දැන් තියනවා. අලුත් යුගයක් රටට උදාවෙනවා මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ. ඒ සඳහා පෙළ ගැහෙන්න කියල අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.‘‘
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැරයන් විපක්ෂ රැලිවලට ගහනවා : කරු ජයසූරිය මැරයන්ට ස්තුති කරයි
සුගුනවති Monday, 22 December 2014 11:57 AM
මැරයන්ට ජයවේවා ! මෛත්‍රී මැතිතුමා දිනේවා ! (නදී)
කීර්ති Monday, 22 December 2014 12:08 PM
කරු මහත්තයා මුකුත්ම දන්නේ නෑ වගේ කතා කරන හැටි.....අද ඊයේ ඉපදුනා වගේ.(හේ)
මහින්ද කේ ගොඩගේ - සී ෂෙල්ස් Monday, 22 December 2014 06:57 AM
ඒක හරි. ඔය දැන් ප්‍රචණ්ඩත්වය මුදා හරින පිරිස 9 පස්සේ පරිස්සමින් ඉන්න. (නදී)
දයා අලහාකෝන් Monday, 22 December 2014 06:56 AM
මේ යුගය කොහොම හරි පෙරලා රටක් හදමු (නදී)
ලියොන් ගුනවර්දන Monday, 22 December 2014 12:51 PM
අද කවුරුත් මහජන සේවයට එන්න දඟලන්නේ මැරබලය පමණක් නොව කෝටි ගණන් මුදල් ආයෝජනය කරන බව මහජනයා හොදින් දන්නා කරුණකි. (ස)
සරත් පියසේන Monday, 22 December 2014 07:19 AM
මෑ රයා ඔබ පක්ෂය බිහිකළ චරිත පරම්පරාවක් ,සොත්ති උපාලි, නාවල නිහාල්, මැදකොළඹ ආනන්ද ,මතකද ? දැන් උපාසක වෙන්න එපා (නදී)
සුජිත් Monday, 22 December 2014 07:27 AM
ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දියයුත්තේ නීතියෙන් පමණියි, ඒ සදහා අපට ලැබී ඇති අන්තිම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමු. (බ)
කැලුම් Monday, 22 December 2014 07:47 AM
කරු මහත්තයා හුග දවසකින් වැදගත් යමක් කියල තියනවා. (ර)
උපාලි Monday, 22 December 2014 08:10 AM
ඇත්ත, මැරයන් කරන්නේ මධ්‍යස්ථව හිතන ජනතාවගේ ඡන්ද මෛත්‍රීට ලබාදෙන එකයි. මැරයන්ට ස්තුති වේවා! (බ)
මහින්ද පත්මවංශ Monday, 22 December 2014 08:58 AM
මෛත‍්‍රීට ජයවේවා.! (ර)