IMG-LOGO

මෙරට සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඖෂධ, භාවිත කිරීමෙන් පසු ඉවත දමන වෛද්‍ය උපාංග හිඟය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවත් රතු කුරුස සංවිධානය ඔක්තෝමබර් මාසයේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

එසේම ඉන්ධන හිඟය සෞඛ්‍ය සේවා කාර්යය මණ්ඩලය සහ රෝගීන් ප්‍රවාහනයට බලපෑම් එල්ල කර ඇති අතර හදිසි ගිලන් රථ සේවයටද ඉන්ධන හිඟය බලපෑමක් එල්ල කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

ඇතැම් සාමාන්‍ය ශල්‍යකර්ම අවලංගු කර ඇති බවත් එපමණක් නොව රුධිර පාරවිලයන සේවා වලට බාධා එල්ල වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

මෙම සමීක්ෂණයට සහභාගී වූ පවුල් අතරින් වැඩි ප්‍රතිශතයක සෞඛ්‍ය මෙම වසරේ ජනවාරි මසට සාපේක්ෂව සැප්තැම්බර් මස වන විට පිරිහීමට ලක්ව ඇතැයි රතු කුරුස සංවිධානය ප්‍රකාශ කළේය.වතුකරයේ සෑම පවුල් හතරෙන් තුනකම මෙම වසරේ ජනවාරි මසට සාපේක්ෂව සැප්තැම්බර් මස වන විට සෞඛ්‍ය පිරිහීමට ලක්ව ඇතැයි රතු කුරුස සංවිධාන වාර්තාවේ දැක්වේ. 

එසේම ලබන වසරේ සැලකිලිමත් වියයුතු කරුණු අතර මරණ අනුපාතය සහ සෞඛ්‍ය පිරිහීම යන කරුණු සමීක්ෂණයේදී ඉස්මතු වූ බව රතු කුරුස සංවිධානය පැවසුවේය.

සමීක්ෂණයට සහභාගී වූ පවුල් තුනෙන් එකකට බෝ නොවන රෝග, හෘද රෝග, දියවැඩියාව සහ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බාධා එල්ල වී ඇති බවත් ශල්‍යකර්ම අවලංගු කිරීම හේතුවෙන්ද සමීක්ෂණයට සහභාගී වූ පවුල් පීඩා විඳ ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

වතුකරයේ ජනතාව අතර මෙම තත්ත්වය තවත් දරුණු බවත් ඔවුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම ඉතාමත් අපහසු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

ඖෂධ මිල සහ තමන්ට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සමීක්ෂණයට සහභාගී වූ පවුල් සියල්ල ඉස්මතු කළ බව රතු කුරුස සංවිධානය ප්‍රකාශ කළේය.



අදහස් (1)

මෙරට සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක්

ganegoda Tuesday, 25 October 2022 05:11 PM

රටේ මිනිස්සුන්නට දෙන්න තියෙන බෙහෙත් ඖෂධ ගෙවල්වල ගබඩා කරගත්තම රටක සෞඛ්‍යයට ඔහොම වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 146 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site