IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මොරටුව උසාවියේදී සැකකරුවෙක් පනී

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
මොරටුව අධිකරණ සිර මැදිරියේ සිටියදී සැකකරුවෙකු පැන ගොස් ඇතැයි පොලීසිය කියයි. 
 
මොහු මත්ද්‍රව්‍යය  ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මොරටුව පොලීසියෙන්  අත්අඩංගුවට ගනුලැබ අධිකරණ සිර මැදිරියේ රඳවා සිටි  සැකකරුවෙකි.
 
සැකකරු සිරමැදිරියේ වහලය මතින් පැන ගිය බවට සෙසු සැකකරුවන් කළ කෑගැසීමෙන් පසු  සොයා බැලුවද මෙතෙක් සිරකරු අල්ලා ගැනීමට නොහැකි වූ බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය ලංකාදීප ප්‍රදේශිය මාධ්‍යවේදිනි රේඛා තරංගනී ෆොන්සේකා මහත්මියට පොලිස් නිලධාරීන්ගෙන් දැඩි බාධා එල්ල විය.
 
සිද්ධිය ඡායාරූප ගත කරමින් සිටියදී ඇගේ කැමරාව පවා  බලෙන් ලබා ගැනිමට උත්සහ කළ අවස්ථාවේ නීතිඥවරුන්ගේ ද විරෝධය හේතුවෙන් එය වැලකී ඇත.
 
මේ සම්බණ්ධයෙන් ඇය මොරටුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

 



අදහස් (2)

මොරටුව උසාවියේදී සැකකරුවෙක් පනී

Nandalal DE SILVA - France Thursday, 07 December 2017 05:13 PM

ගෙවී යන 2017 වසරේ අසන්නට ලැබුණු හොඳම විහිළුව මේක තමයි.!!! උසාවියකින් පැන යාමට තරම් "ස්මාර්ට්" සැකකරුවන් ඉන්නා රටකි. අපේ මේ "සකල සිරින් පිරි සිරි ලංකාව !!! සමහර විට මොහු වැරදිකරු වී බන්ධනාගාරගත කලානම්, වහලෙන් යන්නේ සියලු රැඳවියන් එක්කමයි .... එමෙන්ම මේ සැකකරු බලාගන්න හිටපු බන්ධනාගාර නිලධාරීන්, " 2017 වසරේ කාර්යක්ෂම ජේලර්" උපහාරයෙන් පිදුම් ලැබීමට සුදුස්සන් හැටියට අනුමත කරමු !

:       0       11

Sathyayaa Friday, 08 December 2017 12:25 AM

මෙයා අනාගතයේදී රාජපක්ෂ පවුලට ඉතාමත් ප්‍රයෝජනවත් විය හැකියි. මොහුව ආරක්ෂා කර ගැනීම පොහොට්ටුවට බාරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site