ගුවන් මගියකුගේ ගමන් බෑගයක් තුළ තිබී කිලෝ ග්‍රෑම් 3.277 ක් බරැති මරිජුවානා තොගයක් අත්අඩංගුවට ගැනීමට හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු ජෙනරාල් අධිකාරියට හැකිවී තිබේ.
ඝනකම් කඩදාසියක ඔතා ගුවන් මගියාගේ ගමන් මල්ල තුළ සඟවා තිබූ මෙම මරිජුවානා තොගය රේගු පරීක්ෂකයකු විසින් සොයාගෙන ඇති අතර එම මගියාව පසුව වැඩි දුර නීතිමය පියවර ගැනීම සඳහා අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම මරිජුවානා තොගය අල්ලාගත් රේගු පරීක්ෂකවරයාට තම ගෞරවය පුද කළ රේගු ජෙනරාල් අධිකාරියේ සභාපති අහ්මඞ් බින් අල් අල් මොහන්නදි මේ අත්අඩංගුවට ගැනීම හරහා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකාරිය විසින් දරනු ලබන උත්සාහය මැනවින් ප්‍රදර්ශනය වන බවද පැවැසීය.
“තම වෘත්තීයභාවය ඉහළ නංවා ගැනීම සඳහා මෙන්ම නීතිවිරෝධී ජාවාරම් අල්ලා ගැනීම සඳහාද රේගුව නිරන්තරයෙන්ම සිය පරීක්ෂකයන්ට අදාළ පුහුණුවක් ලබාදෙනවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් අජාබ් මන්සූර් අල්-ක්හාන්ති පැවැසීය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.