IMG-LOGO

මම විද්‍යාඥයෙක් වෙන්න ආසයි

2016-09-27-ent-72

මේ දිනවල කාගෙත් වැඩි අවධානය දිනා ඇතිි "සිඳු" ටෙලිනාට්‍ය හඳුන්වනාවා නම් එය වරදක් නොවේ. ළමා චරිත සඳහා වැඩි තැනක් ලබාදී ඇති මෙම නාට්‍යයේ චරිත අතරින් මේ වෙනකොට ගොඩක් අය දන්නා "සිඳු" හි මලිත සමඟ කතාබහට අපි මලිතගේ නිවසට ගියෙමු.

 

ඉතිං මලිත කොහොමද මේ දවස් වල?මොනවද කරන්නේ?

2016-09-27-ent-69හොඳින් ඉන්නවා. ඉස්කොලේ යනවා...ෂුටිං යනවා...ඔය දේවල් තමයි.

 

මලිතගේ ඇත්ත නම මොකද්ද?

නෙත්ම අකාෂ්මිත.

 

‘සිඳු’ ටෙලිනාට්‍යයේ  කැමති අවස්ථා තියෙනවද?

ඔව්.. ගොඩක්ම ආස වැවේ නාන්න තමයි.

 

‘සිඳු’ නාට්‍යයේ කැමතිම කෙනෙක් ඉන්නවද?

එහෙම නෑ. හැමෝටම කැමති.

 

මේ වෙනකොට වෙන ටෙලි නාට්‍යවල රඟපාන්න අරාධනා ලැබිලා තියෙනවද?

ඔව් දෙක තුනකටම කතා කළා. ඒත් භාර ගත්තේ නෑ.

 

ඒ ඇයි?

ඉස්කොලේ වැඩත් එක්ක තමයිි "සිඳු" ටෙලි නාට්‍යයේ ෂුටිංවලට යන්නේ. හැමදෙයක්ම භාර ගත්තොත් මට ඉස්කොලේ වැඩ මග හැරෙයි කියල හිතෙනවා. ඒකයි.

 

‘සිඳු’ කණ්ඩායමේ ඉන්න නැන්දලා, මාමලා නෙත්මට මොනවද කියන්නේ?

ඒ මමලා හැමෝම අපි ඔක්කොටම ගොඩක් ආදරෙයි. ඒ වගේම එයලා ගොඩක් හොඳයි.

 

නෙත්මගේ ඉදිරි බලපොරොත්තු මොනවද? දිගටම රඟපානවද?

විද්‍යාඥයෙක් වෙන්න ආසයි...ඒ වගේම රඟපානවා.

 

නෙත්මගේ ඉස්කොලේ මොකද්ද?

JMC collage - Dematagoda Branch

 

නෙත්මගේ ආසම විෂය මොකද්ද?

විද්‍යාව 

 

නෙත්මගේ ඉස්කොලෙන් උදවු ලැබෙනවද මේ දේවල්වලට?

මගේ ටීචර් නිරෝෂා හේරත්. ටීචර් ගොඩක් උදවු කරනවා. මට මඟඇරෙන නොට්ස් ටීචර් මට ෆොටෝකොපි ගහල දෙනවා. ඊට පස්සේ මම ගෙදර ඇවිත් ඒවා පාඩම් කරනවා.

 

නෙත්මගේ පවුලේ වෙන කවුද ඉන්නෙ?

තාත්තා ඉන්නේ රට, අම්මයි, නංගියි, අච්චියි, සීයා

 

නෙත්ම මේ වෙනකොට ගොඩක් අය දන්නවා. කියන්නකො නෙත්මට මේ තැනට එන්න කවුද උදව් කළේ කියල?

මගේ නැන්දා. නැන්දා වෙළෙඳ දැන්වීම්වලට ඉඳලා තියනවා. නැන්දා තමයි මාව මේ තැනට ගෙනාවේ.

 

2016-09-27-ent-68

 

දිනුෂා මධුෂානි (නෙත්මගේ මව)

 

අද පුතා ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?

අද පුතා ඉන්න තැන ගැන ලොකු සතුටක් තියනවා. ඒ වගේම පුංචි ආඩම්බරේකුත් තියනවා. මොකද අපි ආදරේ කරනවා වගේම හැම කෙනෙක්ම පුතාට ආදරය කරනවා. පුතා දක්ෂයි. එයා රඟපානවා කියලා පාඩම් වැඩ අතපසු කර ගන්නෙත් නෑ. මලිත කියන චරිතෙට අඩුවක් කරන්නෙත් නෑ. හැමදෙයක්ම සමබරව කරනවා. ඒ දේවල්වලට මමත් එයාගේ තාත්තා විදේශ ගතව සිටියත් තාත්තාත්, පුතාගේ ගමන වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනවා. ඒ වගේම පුතාගේ ටීචර් මතක් කරන්න ඕනේ. පාසලේ වැඩ කටයුතුවලට ටීචර්ගේ ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ වෙලාවේ දෙරණ නාළිකාවේ කාර්යමණ්ඩලයට ස්තූති කරන්න ඕනේ.

 

සටහන සහ ඡා​යාරූප - ඉෂාන් සංජීව

 

2016-09-27-ent-71
2016-09-27-ent-70
2016-09-27-ent-67
2016-09-27-ent-66



අදහස් (0)

මම විද්‍යාඥයෙක් වෙන්න ආසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site