IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසිනි.

යෝජනාව පිළිබඳ විවාදයේදී  මන්ත්‍රීවරු සිවු  දෙනෙක් අදහස් දැක්වූහ.

විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබුවේ  අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය විසිනි.

අමරසූරිය මහත්මිය මෙසේද පැවසුවාය

මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත්  ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර  අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා.  යෝජනාවට අපේ කණ්ඩායම  උපරිම සහාය  දෙනවා.



අදහස් (21)

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි

Asela Friday, 07 February 2025 05:48 PM

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිව සිටියදී පාර්ලිමේන්තුවට වැදගත් පනත් බොහෝමයක් යෝජනා කළ අතර අවම වශයෙන් මසකට පනත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. AKD ගේ නායකත්වයෙන් යුත් මෙම පාලනයට අවම වශයෙන් පක්ෂ සාමාජිකයින් 169 ක් හෝ 2/3 බහුතරයක් සහිත කිසිඳු වැදගත් පනතක් ගෙන ඒමට නොහැකි විය. අඩුම තරමේ අගමැතිට විශ්‍රාම වැටුපවත් අයින් කරන පනත පාර්ලිමේන්තුවට ගේන්න රවීට සිද්ධ වුණා. කතා කරනවා විතරයි ක්‍රියා නෑ. ඔහ්, මට අමතක වුණා, ඔවුන් හඳුන්වන්නේ කයියනායක කියලා, ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ.

:       140       79

අරවින්ද මොනරවිල Friday, 07 February 2025 07:35 PM

අනිවාර්යයෙන්ම, රටේ සම්පත් විකුණන හොරුන්ට වැදගත් රට විනාශ කරන යෝජනා අඩුවක් නැතිව කඩිනමින් ගෙනැල්ලා සම්මත කර ගත්තා සීයා.

:       29       95

Laksman Saturday, 08 February 2025 02:50 AM

එතකොට හිටපු ජනාධිපති මහින්ද මහත්තෙයා පදිංචි නිවස ලක්ෂ 46 කට කුලියට දෙන්න තක්සේරු කරන්න හදන්නෙ විකුණගෙන කන්න නොවෙයිද මෝඩයෝ

:       11       8

ShanFriday, 07 February 2025 09:07 PM

රනිල් පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ බෙදාගත් ජනාධිපති අරමුදල් අවභාවිත කර, මත්පැන් බලපත්‍ර තොගයක් නිකුත් කර, නැවත මුදල් අවභාවිත කළේ, එම අපයෝජකයන්ට තම දේපළ හානි ඉල්ලා ගැනීමට ටොන් ගණන් මුදල් ලබා දෙමිනි.

:       24       61

asa Friday, 07 February 2025 06:37 PM

රවි කියන්නේ හොර වැඩ කරන කෙනෙක්. කොහොමත් මේක කරන බව දැනගෙන ඉස්සර වෙලා. අපි මේ වෙනස ගැන සතුටු වෙනවා. මේ වෙන දේවල් එක්ක.

:       9       83

Nimal Friday, 07 February 2025 07:06 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් අහෝසි කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව JVP/ මාලිමා ආණ්ඩුවේ ජනප්‍රිය සටන් පාඨයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප යනු ඉතාම අඩු මුදලකි. වර්තමාන ජීවන තත්වයන් මත මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුවේ. එසේ නොවුණහොත් මන්ත්‍රීවරුන් දූෂිත (ඍජු හෝ වක්‍ර) මුදල් ඉපැයීම්වල නිරතවීම වැළැක්විය නොහැකිය. දේශපාලකයාත් වෙනත් පුද්ගලයකු මෙන් සේවයක් කරයි. එමනිසා එම පුද්ගලයා දේශපාලන දිවියෙන් සමුගැනීමෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැති නම් ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ජීවත් වන්නේ කෙසේද යන්න ගැටළුවකි. රවී කරුණානායක දශක 2කට වැඩි කලක් පාර්ලිමේන්තුවේ සිටි කෙනෙකි. ඔහුට ව්‍යාපාර තිබේ ඔහුට ආදායම් තිබේ. සහ ඔහුට දූෂිත ගනුදෙනු පිළිබඳවද චෝදනා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රායෝගික නොවන හුදු ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් පාර්ලිමේන්තුවේදී සම්මත ඇති බවක් පෙනෙන්නට ඇත...

:       68       23

යෝගා Friday, 07 February 2025 07:33 PM

ඒ පනත ගෙනාවේත් විපක්‍ෂයෙන්. ජෙප්පන්ට කරන්න පුළුවන් මොනවද? ගෙවල් ගිනි තබන එකද?

:       74       46

randil dunuwilleSaturday, 08 February 2025 08:17 AM

කිසිම ලැජ්ජාවක් නැතිව ඔහොම කියන්න එපා. මේ වගේ මිනිස්ස ුනිසා තමයි හොරාකාලා රට විනාශ කරපු අය තවත් කෑ ගහන්නේ... තමන් ගැන හිතන්න බැරි නම් අනාගත පරම්පරාවක් ගැනවත් හිතන්න පුරුදු වෙමු.

:       3       11

de silva berlin Friday, 07 February 2025 07:42 PM

ඡන්දෙට කලින් දැක්වූ අදහස් අනුව, හරි නම් මේ යෝජනාව එන්න ඕනේ ආණ්ඩු පක්ෂයෙන්, විශ්‍රාම වැටුප අහෝසි කළාට කමක් නැහැ නමුත් සේවය කරන කාලයේ වැටුපට අදාල EPF /ETF එක මන්ත්‍රීලාට ගෙවන එක සාධාරණයි...

:       7       52

Laki Friday, 07 February 2025 08:24 PM

මාලිමාවේ 159 ක් හිටියාට එකෙකුටවත් බැරිවුණා... තමන්ගේ පක්ෂයේ කෙනෙක් හරහා මේ යෝජනාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවන්න. ඒ එකෙක්ටවත් තමන්ට හිතලා වැඩක් කරන්න ඉඩක් නැහැ. පක්ෂයේ ඉහළින් අවසරයක් නැතිව කටක් අරින්න වැඩක් කරන්න එයාලාට බැහැ. ඒ අවසරය එනකල් කට්ටිය ඔහේ උඩබලන් ඉන්නවා. වෙන එවුන් වැඩ කරනවා...

:       8       19

සුසි Friday, 07 February 2025 10:11 PM

ජනාධිපති අරමුදල මුදල් කොල්ල කාපු මුන්ට මොන විශාම වැටුප්ද

:       12       45

Toni Friday, 07 February 2025 11:49 PM

⁣පුළුවන් නම් මෙයාලා මේකත් පොදු අරමුදලකට දාගනි

:       1       2

kamani Saturday, 08 February 2025 05:54 AM

මන්ත්‍රී විශ්‍රාම වැටුප කීයද? ඇත්තටම මේක අහෝසිද?

:       0       3

Nimal 1 Saturday, 08 February 2025 06:03 AM

මහ දවල් මහබැංකුව කොල්ලකාපු තක්කඩින්ට මොන විශාම වැටුප්ද?

:       1       5

ranjith Saturday, 08 February 2025 08:46 AM

යෝජනාව හොඳයි. මහ බැංකු හොරකම් කරපුවා වල පව් ගෙවන්න හිතිලා වගේ...

:       2       7

Sara Saturday, 08 February 2025 09:49 AM

මෙම යෝජනාවේ තීරණය අතීතයට බලපානවාද?

:       0       7

SurainSaturday, 08 February 2025 12:38 PM

හොඳ ප්‍රශ්නයක් ඕක සම්මත කරලා තියෙන්නේ අතීතයට බලපාන විදියට නෙමෙයි. ඕක ගේන්න තිබ්බේ අතීතයට බලපාන විදියට නෙමෙයි. මම හිතන විදියට එහෙම කරන්න ජනමත විචාරණයකිනුත් සම්මත විය යුතුයි.. ඒ කියන්නේ හිටපු අයට ලැබෙන විශ්‍රාම වැටුප එලෙසම ලැබෙනවා..

:       0       4

Sarath Chandra Saturday, 08 February 2025 11:28 AM

අනිවාර්යෙන්, අතීතයේදී බලපාන පරිදි සියලුම දේශපාලකයින්ගේ විශ්‍රාම වැටුප් අවලංගු කළ යුතුයි.

:       0       5

bandula Saturday, 08 February 2025 02:39 PM

රවී කරන්නේ ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියලා කපන වැඩක්.., නැති වන්නේ අලුත් අයට පමණි.

:       0       6

ගමේ එකාලා Saturday, 08 February 2025 05:04 PM

රටම හොරාකාලා විනාශ කරන්න දායක වෙච්චි දූෂිත දේශපාලුවෝ. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් හම්බකර ගත්තු. ජනාධිපති අරමුදලෙන් ගසා කාපු, නිවාස හානි කියලා කෝටි ගණන් වන්දි ගත්ත එවුන්ට තවත් මොන විශ්‍රාම වැටුප්ද?

:       2       4

fairoos Saturday, 08 February 2025 07:08 PM

ඉතාම හොඳ තීරණයක්

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site