
( කීර්ති ප්‍රනාන්දු )
මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (18) නියෝග කළාය .
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාවක් ලෙස කටයුතු කළ බව කියන කලවාන මිනුවන්ගොඩ සඳුනි හංසිකා පියුමාලි නමැති අයවලුන්ය .
මෙහිදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරල කරුණාරත්න මහතා මෙම කාන්තාවගේ හිස කෙස් යථා තත්ත්වයට පත් වෙයිද කියා ස්ථිර ලෙස කිව නොහැකි බව වෛද්‍යවරුන් පවසන බවත් සිදුවී ඇති අලාභය නැවත ප්‍රතිපූර්ණය කර ගතය නොහැකි බවත් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය තවමත් සැඟවී සිටීම නිසා අගතියට පත් කාන්තාව වෙනුවෙන් සානුකම්පිතව මුදලක් ඉල්ලා සිටින බව අධිකරණයට පැවසීය .
මෙහිදී සැකකාර තරුණිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් දිසානායක මහතා විත්තිකාරිය මෙම රූපලාවන්‍ය ආයතනයේ සේවිකාවක් නොවන බවත් ඇය මීගමුව ප්‍රදේශයේ ආයතනයක සිදුකළ හැදෑරීමකින් පසුව මෙම රූපලාවණ්‍යාගාරයේ පුහුණුවීම් ලබමින් සිටි තැනැත්තියක් බව අධිකරණයට කරුණු දැක්වීය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.