නිදහස් මාධ්‍යයට ඉඩදීමට රජය, දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් බැඳී සිටින අතරම නිදහස් මාධ්‍ය සුරක්ෂිත කරමින්, සිය වගකීම් හා යුතුකම් අවංකව ගෞරවයෙන් ඉටු කිරීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලූ දෙනා වගකීමෙන් බැඳී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අද (28) පැවැසීය.
තොරතුරු දැනගැනීමේ පනත සම්මතවී ඇති හෙයින් පුරවැසියන්ට හිමිවන ප්‍රජාතන්ත්‍රවාදී බලය තහවුරු කිරීමට රජය, රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍ය හා සියලූ පාර්ශව ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා පුරවැසියන්ගේ අයිතිය තහවුරු කිරීමට සියලූ පාර්ශව එක්විය යුතු බව ද පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ‘ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ පනත හා මාධ්‍ය ප්‍රතිසංස්කරණ‘ යන මැයෙන් පළමු වරට පැවැති ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මහතා එම කරුණු කීය.
‘තොරතුරු දැනගැනීම සෑම පුරවැසියකුගේම අයිතියක්. සෑම පුරවැසියකුගේ මානව අයිතිවාසිකමක්. සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව මෙවැනි පනතක අවශ්‍යතාව පිළිබඳ හඬ නැගුවත් පැවැති ආණ්ඩුවලට එය ඉටු කිරීමට නොහැකි වුණා. එම අසමත්වීම්, අතපසුවීම් නොසලකා හරිමින් අපේ ආණ්ඩුවට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීමට හැකියාව ලැබුණා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීම දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකියි. ‘‘
සමුළුවේ සමාරම්භක උත්සවය ඇමතූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේ අදහස් දැක්වීය.
‘ජනාධිපතිවරයා මහජන ජනවරමක් ඉල්ලන අවස්ථාවේදී, තොරතුරු දැනගැනීමේ පනත ජනතාවට හිමි කරදෙන බව අපි ප්‍රකාශ කළා. ඒ අනුව ජනවරම ලැබීමෙන් පසු පනත සම්මත කිරීමට අපට හැකියාව ලැබුණා.
එහෙත් කනගාටුවට කරුණක් තිඛෙනවා. අපි මුලින්ම මේ පනත ගෙනාවේ 2001 වසරේදී. එවකට එවැනි පනතක් ගෙනාපු පළමු දකුණු ආසියා රට අපියි. එහෙත් අපි මේ පනත සම්මත කළේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළ අවසන් දකුණු ආසියා රට ලෙසයි.
ඉන්දියාව ඇතුළු ලොව බොහෝ රටවල තොරතුරු දැනගැනීමේ පනතක අවශ්‍යතාව මතු කරන ලද්දේ ජනතාවයි. එහෙත් අපේ රටේ මේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්න මූලිකව බල කළේ විපක්ෂයයි. කෙසේ නමුත් අද අපට සතුටු විය හැකි තත්ත්වයක් උදා වෙලා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් මේ පනත සම්මත කිරීමට හැකියාව ලැබීම ගැන අපිට සතුටු විය හැකියි. ‘‘
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘මාධ්‍ය ආයතනත් මාධ්‍ය නිදහස රකින්න ඕනෑ‘