IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යවේදී කීත් නොයාර් සිද්ධියට මහින්ද සීඅයිඩියට කැඳවයි

(නිමන්ති රණසිංහ)
ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට
අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු මෙම කැඳවීම එම දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ගොස් ඉකුත් 12 වැනිදා බාරදී තිබේ.

මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද කතානායක කරු ජයසූරිය මහතා විසින් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබිණි.

මෙම සිද්ධියට ආධාර අනුබල දුන්නැයි හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ්‍රාමික) මේජර් ජනරාල් අමල් කරුණාසේකර සහ යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් ප්‍රභාත් ශ්‍රී සීවලී බුලත්වත්ත යන දෙදෙනා ඇතුළු බුද්ධි නිලධාරීහු හයදෙනෙක් මේ වන විට ඇප මත මුදා හැරනු ලැබ සිටිති.

2008 මැයි මස 22 වැනිදා රාත්‍රි 11.39 ට පමණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙසින් රඳවා තබාගෙන කෲර වදහිංසාවලට ලක්කර පසුව මුදා හැර තිබිණි. 

 



අදහස් (8)

මාධ්‍යවේදී කීත් නොයාර් සිද්ධියට මහින්ද සීඅයිඩියට කැඳවයි

sumith Wednesday, 15 August 2018 06:30 AM

පන්සලකදී ලිපිය බාරදුන්නනම් තමා වඩා හොඳ ,

:       532       643

Asiri Wednesday, 15 August 2018 08:38 AM

ඕවත් වැඩද මහත්තයෝ සීත කරන ලද වතුර නිවලා බීපු අපිට නැද්ද ?

:       5       67

janu Wednesday, 15 August 2018 09:55 AM

මේවා තමයි රටේ ජාතික ප්‍රශ්න... කොහොම හරි විසඳන්න ඕනෑ අපිට සැනසිල්ලේ නිදාගන්න..

:       16       352

ase Wednesday, 15 August 2018 10:05 AM

අනේ මේවා කලේ මැරිච්ච අප්පච්චි නේ ?? මෙය මොනවා කරන්නද ??

:       47       168

amali Wednesday, 15 August 2018 10:22 AM

රිචඩ් ද සොයිසාගේ ඝාතන සිද්ධියට කවුද එතකොට සී.අයි.ඩී. එකට ගෙන්නන්නේ...

:       265       275

SamanWednesday, 15 August 2018 02:22 PM

කාව ගේන්නද? ප්‍රේමදාස මහත්තයා නැතිවෙලා හුඟක් කල්නේ..

:       0       3

erdi Wednesday, 15 August 2018 10:34 AM

දේශපාලඥයගේ අණට අපරාධ කරපු අය රිමාන්ඩ් කරල දැන් ඇප පිට. ඒවා කරන්න විධානය දුන්න අයට අපේ රටේ නම් දඬුවම් ලැබෙයි කියල හිතන්න බැහැ(එහෙමනම් දැනට ලංකාවේ හිරගෙවල්වල වැඩිපුර ඉන්න ඕන දේශපාලඥයෝ) දේශපාලඥයා මේ නඩුවලිනුත් ප්‍රසිද්ධියක් ගන්න එදාට වීරයෝ වෙලා වහල්ලු පිරිවරාගෙන යනව අපි දැක්ක.

:       40       146

rohana Wednesday, 15 August 2018 03:59 PM

මෙතන erdi දාලා තියෙන අදහස හරියටම හරි....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31563 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13920 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 163 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1089 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site