
(අංජුල මහික වීරරත්න)
මධ්‍යම පරිසර අධිකාරිය “ගව්පේ (GovPay) රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සමඟ එක්ව කටයුතු කිරීම ආරම්භ කර තිබේ.
ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සපයනු ලබන විවිධ සේවාවන් සඳහා සියලු ගෙවීම් “GovPay" රාජ්‍ය ඩිජිටල් වේදිකාව” ඔස්සේ ගෙවීමට පහසුකම් සැනසෙනු ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් සපයනු ලබන සේවාවලට අදාළ ක්ෂේත්‍ර වල පරීක්ෂණ ගාස්තු (Inspection Fees), බලපත්‍ර ගාස්තු (License Fees), ක්‍රියාත්මක කිරීමේ ගාස්තු (Processing Fees), අපනයනය සඳහා බාසල් එකඟතා ලබාදීමේ ගාස්තු (Basel Export Consent Fees), සහතික කිරීමේ ගාස්තු (Certificate Fees), පරිපාලන ගාස්තු (Administration Fees), ලියාපදිංචි ගාස්තු (Registration Fees), වාර්ෂික ගාස්තු (Annual Fees), රසායනාගාර ගාස්තු (Laboratory Fees), අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගාස්තු (Waste Disposal Fees), ප්‍රසම්පාදන ගාස්තු (Procurement Fees), ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයට අදාළ ගාස්තු (NEIC Payments) සහ විභාග ගාස්තු (Exam Fees) යන සේවා වර්ගවලට අයත් සියලු ගාස්තු “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” ඔස්සේ ගෙවිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
“GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාවේ ක්‍රියාත්මක බැංකු 14 සහ ෆින්ටෙක් (FinTech) යෙදවුම් 06 ඔස්සේ මෙම ගාස්තු ගෙවීමට සේවාලාභීන්ට අවස්ථාව සැලසේ.
මෙම ක්‍රමවේදය සමඟ එක්වීම හේතුවෙන් සේවාලාභීන්ට සහ මධ්‍යම පරිසර අධිකාරියට පහසුවෙන්, කාර්යක්ෂමව සහ විශ්වසනීය ලෙස තම කාර්යයන් ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන බවද පරිසර අධිකාරිය පවසයි.
2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සමඟ රාජ්‍ය ආයතන 147ක් එක්වී ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය එලෙස එක්වූ නවතම ආයතනයයි. “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාවේ” වාර්තාගත දත්තවලට අනුව අදාළ කාලයේ එම රාජ්‍ය ආයතන 147 ඔස්සේ ලබාදෙන රාජ්‍ය සේවා 2017ක් සඳහා රුපියල් මිලියන 291ක ගෙවීම් “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” ඔස්සේ සිදුකර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය සහ LankaPay පුද්ගලික සමාගම අතර “GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් තැබීම මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදුකළ අතර ඒ සමඟින් මෙම ගෙවීම් ක්‍රමවේදය මහජනතාවට නිල වශයෙන් විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ , LankaPay පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා , ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ ඩිජිටල් රාජ්‍ය හා ඩිජිටල් ආර්ථික වැඩසටහන් කළමනාකරු උදය කස්තුරිරත්න මහත්වරු නිලධාරීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධ්‍යම පරිසර අධිකාරියත් “ගව්පේ”ට වහ වැටෙයි