
(නිමල කොඩිතුවක්කු)
මැදපෙරදිග අර්බුදයේ බැරැරුම්තාවය පිළිබඳ ආණ්ඩුවට කිසිදු දැනුම්වත්භාවයක් නොතිබීම හේතුවෙන් ආණ්ඩුව යම් කලබලකාරි තත්ත්වයකට මුහුණ දී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසිය.
එවැනි දැනුම්වත්භාවයක් තිබුණා නම් මෙම අර්බුදය යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකියාව තිබු බවත් මැදපෙරදිග අර්බුදය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව මේ වනවිට අපොහොසත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව කලබලයි කිව්වෙ කවුද ? තමුන්නැහේ ඇතුළු විපක්ෂෙනෙ කලබල වෙලා නහින්න හදන්නෙ.
මැද-පෙරදිග ඉන්නේ තමුසෙලගේ නෑදෑයෝ , නිකං බොරුවට කෑ ගහන්නේ නැතුව නායකයන්ගෙන් තෙල් ටිකක් ඉල්ලගන්න බලනවකෝ. මොළය උඩද වැඩිවෙලා ඉන්නේ? තේරෙන්නේ නැද්ද මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් කියලා..? හැම මගුලකින්ම බලන්නේ ආණ්ඩුව පෙරළන්න මිසක්, වචනයකින්වත් උදව්වක් කරන්න නෙවෙයි… පුදුමම හැතිකරයක්…!
මෙයා පිස්සු කෙලිනවද මන්දා ?
සුන්බුන් විපක්ෂයනම් භයවෙලා බව පේනව.
තමුන්නැහැලා වෙනම දැනුවත් වෙලාද හිටියෙ? අර පාස්කුව වගේ, බොරු බයිල කැප්ටන්, පැය නමයක් මුහුදෙ හිටිය නැව ගැන මොකද කියන්නෙ? සේරටම කලින් නායකයෙක් හොයාගන්න සබ්මැරින් ගැන හොයන්නෙ නැති
අපිට පෙනුන අර්බුදයක් වෙලාවට තමුන්ගෙ නායකය හැසිරෙන හැටි, නැවට ගහපු මිසයිලයේ වර්ගය හොයන ජාතියෙ නායකයො ඉන්නෙ
මේ මූසල කට ඕන එකටයි එපා එකටයි කෑගහනව , කයිවාරු , නඩුදැමීම මෙයාගෙ රාජකාරිය, දාපු නඩුවකුත් නැ අද වෙනකන් , දැන් තමුන්ලට දේශපාලනය සැප ගන්න තැනක් වෙන්නෙ නැ.
ට්‍රම්ප්ටත් වැඩිය මෙයා දැනං ඉඳලා
ලැජ්ජා නැතුව කියන හැටි කලබල වුණේ තමුසෙලා මුන්ට වෝට් දාපු මිනිස්සු කෑවේ තණකොළද මන්දා
බලය කවදාවත් මේ අයට ලැබෙන්නෙ නැ, මොකද කතාව කෙරුවාව අප්පිරියයි, කට ඇරියොත් ලොරි ටොක්, අපියි නගරසභාවෙ කෙරුමො කියනව, තව දවසක කන්ටේනර්, තවදවසක දිට්ටා කුනඅටුව, තවදවසක ගල් අගුරු , ගේන හැමදෙයක්ම සතියයි දෙකයි, මේ නම් ශාපයක් රටට
ඔබේ මුහුණ දෙස බැලීමෙන් තේරෙනවා කවුද කලබල වෙලා ඉන්නේ කියලා
ආණ්ඩුව කිසිම කලබලයකින් තොරව අර්බුධකාරී තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මධ්‍යස්ථ ජනතාවට අවබෝධ වෙලා තියෙනවා. අර්බුදය මුවාවෙන් හෝ බලය ඩැහැගැනීමට මාන බැලූ විපක්ෂය ආණ්ඩුව අර්බුදය කලමණාකරණය කරන ආකාරය දැක කලබල වී සිටින බව නම් පෙනෙනවා.
නැවක ලමයි 300 ක් ගැන කියල දැනුවත් බව පෙන්නුම් කරා නේද ?
දැන් සැපද , ඔහේ යුදෙව්වෙක්ද , ඇමරිකන් යුදෙව්වෙක්ද ?
තමුසෙලානේ කලබල වෙලා තියෙන්නේ. අනෙක ලෝකේ බොහෝමයක් කලබල ඇතිකරන්නේත් තමුසෙගේ කට්ටියම තමයි.
තමුන්ල වගෙ නෙවෙයි වගකිවයුතු ආන්ඩුවක් එහෙම තමයි
අපිට නැති වුණාට කමක් නැහැ
මේ මිනිසා ISIS ජිහාඩ්වාදියෙක් ත්‍රස්තවාදියෙක්.