( ඉන්දිකා රාමනායක)
කොළඹ මෝදර ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු 5 දෙනකුට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
යතුරුපැදියකින් යමින් සිටි දෙදනකු ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටි පිරිසකට මෙලෙස වෙඩි තබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකට වෙඩි වැදී ඇත.
මෝදර ප්‍රදේශයේ පාතාල සාමාජිකයකු වන චූටි උක්කුන්ගේ සහෝදරියක් ඇතුළු පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.