IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැදිරිගිරියට අලි පැන අලි ජරමරයක්

(චාපා මධුභාෂිණී)

සෝමාවතිය රක්ෂිතයේ ඇතකු සහ අලි රංචුවක අලි සිවුදෙනකු මැදිරිගිරිය වටදාගෙය රක්ෂිතයේ කුඩා ප්‍රදේශයක දින 5ක් තිස්සෙ රැඳී සිටිමින් මැදිරිගිරිය නගරය අවට ගම්මානවලට රාත්‍රියේ සහ දිවා කාලයේ කඩා වැදීම නිසා ප්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති.

මෙම අලි රංචුව ඊයේ දහවල් කාලයේ කඩා වැදීම හේතුවෙන් පාසල් හයක පමණ සිසු සිසුවියෝද දැඩි ලෙස භීතියට පත් වූහ.

මණ්ඩලගිරිය, නවනගරය, ජී.පී.එස්. හන්දිය, 5 ඇළ යන ගම්මානවල පිරිසක් මේ හේතුවෙන් දැඩි භීතියට පත්ව සිටිති.

වල් අලින්ට බියවීම නිසා කිසිවකුත් සිය නිවෙස්වලින් පිටතට නොයන අතර, අවට මාර්ග රැසක් පාළුවට ගොස් ඇති අයුරු දැකගත හැකිවිය.

වටදාගෙය රක්ෂිතයේ සිට ගම්මානයට අලි කඩා වැදී වගා කර ඇති සියලු බෝග විනාශ කර දමන බවට ගම්මු චෝදනා කරති.

මණ්ඩලගිරිය මහා විද්‍යාලය අවට ඊයේ දහවල් අලි තිදෙනකු සැරිසැරීම නිසා පාසල් දරුවන් ඉතා ආරක්ෂිත ලෙස මවුපියට බාරදීමට කටයුතු කළ බව පාසල් ආරංචි මාර්ග කියයි.

අලි අවදානම පිළිබඳව දැනගත් පාසල් පාලනාධිකාරිය ඒ සම්බන්ධයෙන් මව්පියන්ට කෙටි පණිවිඩ මගින් දැනුම් දී ඉතා ආරක්ෂිත ලෙස දරුවන් මවුපියන්ට බාරදීමට කටයුතු කළ අතර, පාසල් වෑන් රථය පාසල තුළට රැගෙන විත් ආරක්ෂිත ලෙස දරුවන් පිටත් කර යවා ඇත.

ගම්වාසීන් දැඩි ලෙස භීතියට පත්ව කලබලකාරී ලෙස දුව යන අයුරු දැකගත හැකි විය.

මණ්ඩලගිරිය මහා විද්‍යාලය, නවනගරය මහින්ද ජාතික පාසල, කොහොඹදමන කනිටු විදුහල, බිසෝ බණ්ඩාරපුර ප්‍රාථමිකය, පැරකුම්පුර ප්‍රාථමිකය සහ මැදිරිගිරිය ජාතික පාසලට මෙම ප්‍රදේශවල සිට ගමන් ගන්නා දරුවන්ගේ ජීවිත මේ නිසා දැඩි අවදානමකට ලක්ව ඇත.

අලු‍යම් කාලයේ පාසල් යෑම ඔවුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් බවට පත්ව තිබේ.

මෙම වල් අලි රංචුව සෝමාවතිය රක්ෂිතයට පලවා හැරීමට කටයුතු නොකරන්නේ නම් දහවල් කාලයේ පවා වනජීවියට අලි එළවීමට සිදුවන බව ගම්වැසියෝ කියති.

මින් පෙර කිසිදු කාලයක මෙම ප්‍රදේශයට වල් අලි තර්ජනයක් නොවූ අතර, බිසෝපුර නව සංවර්ධන කලාපයක් කිරීම සඳහා සෝමාවතී රක්ෂිතයේ අක්කර 5000ක පමණ රක්ෂිතයක් විනාශ කර ජනතාවට ඉඩම් ලබා දීමට කටයුතු කිරීමත් සමග වල් අලින්ට සිය වාස භූමි අහිමි වීමෙන් ඔවුන් ගම්වදින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති .

මේ හේතුවෙන් මිනිස් ජීවිත පමණක් නොව වල් අලි ජීවිතද අහිමි වූ බව ඔවුහු කියති.

මේ පිළිබඳව නවනගරය වනජීවී නිලධාරියකුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ අලි ගම්වැදී සිටීම හේතුවෙන් ඔවුන් පලවා හැරීමට තමන් ඇතුළු අනෙකුත් නිලධාරින් කටයුතු කළ බවත් ගම්වාසීන් කලබලයට පත්ව පාරවල් දිගේ රංචු වශයෙන් දුව යෑමත් සමග ඔවුන්ට එම කටයුත්ත කර ගැනීමට අපහසු බවයි.

තවද දහවල් කාලයේ වල් අලි එළවීම තරමක් අපහසු බවත් රාත්‍රී කාලයේ මෙම රංචුව එලවීමට කටයුතු කරන බවත්. මෙම සතුන් වටදාගෙය රක්ෂිතයෙන් එළියට දැමීමට කටයුතු කරන බවත් එය කොතරම් දුරට සාර්ථකවේද යන්න කිව නොහැකි බවත් ඔහු කීවේය.



අදහස් (0)

මැදිරිගිරියට අලි පැන අලි ජරමරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site