ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරයකු සහ අමාත්‍යවරියන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.
මෙම අමාත්‍යවරයා සහ අමාත්‍යවරියන් මෝදිට අවමන් වන ආකාරයට අදහස් දක්වා ඇත්තේ මෝදිගේ ලක්ෂද්වීප දුපත් සංචාරය සම්බන්ධයෙනි.
ලක්ෂද්වීප යනු ඉන්දීය සාගරයේ පිහිටි ඉන්දියාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන දූපත් සමූහයකි. කුඩා දූපත් 36 ක් ඊට අතුළත්ය.
අග්‍රාමාත්‍ය මෝදිට අවමන් වන ආකාරයෙන් අදහස් පළවීමෙන් පසු මාලදිවයිනය පැමිණෙන ඉන්දීය සංචාරකයන් බොහෝ දෙනකු එම සංචාර අවලංගු කර ඇතැයි ද පැවැසෙයි.
මාලවිදයිනේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මොහොමඩ් මයිසුය. මොහු ඉන්දීය හිතවාදියකු නොව, චීන හිතවාදියෙකි. ජනාධිපති වූ සැණින්, මාලදිවයිනේ රැදී සිටි ඉන්දීය හමුදා වහා පිටත් කර හැරීමට පවා මයිසු පියවර ගත්තේය.
(එන්.ඩී.ටීවී.)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මෝදිට අපහාස කළ ඇමැතිවරුන්ට වැඩ වරදී
Bamunuarachchi Sunday, 07 January 2024 07:00 PM
ලංකාවේත් මේ ආකාරයට කටයුතු කළ යුතුයි. රාජ්‍ය නායකයින්ට අපහාස කළ අය බෙල්ලෙන් එල්ලා දැමිය යුතුයි.