IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මුතුහෙට්ටිගමගේ වාහන දෙකක් අල්ලපු ගෙදර

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ නිවස අසළ වෙනත් නිවසක රජයේ වාහන දෙකක් හිමිකරුවකු නොමැතිව නවතා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව ගාල්ල පොලිසියේ නිලධාරීහු එහි ගොස් අද ඒ වාහන පරික්ෂා කළහ. නිවැසියන් කීවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරන් මේ වාහන තම නිවසේ නිතර නිතර නවතා තබන බවයි. පොලිසිය එතැනින් නික්ම ගිය පසු එහි පැමිණි දෙදෙනෙක් මේ වාහන රැගෙන ගියහ. පොලිසිය පැවසුවේ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිතා කළ වාහන සියල්ල සඳුදා භාර දීමට කටයුතු කරන බව දැනුම් දී ඇති බවයි. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ජනක් ප්‍රියන්ත ඉලේසිංහ මහතා කියා සිටියේ ද අද පොලිසියේ පරීක්ෂාවට ලක්වූ වාහන දෙක ඇතුළුව නියෝජ්‍ය අමාත්‍යවරයාත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කළ වාහන හතක් ඇති බවයි. ඒ සියල්ල සඳුදා අමාත්‍යාංශයට ආපසු භාර දීමට කටයුතු සූදානම් කැර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

_DSC5836



අදහස් (0)

මුතුහෙට්ටිගමගේ වාහන දෙකක් අල්ලපු ගෙදර

ජගත් Sunday, 18 January 2015 04:01 AM

මේවා බලලා මගේ බඩත් බුරුල් උනා (නදී)

:       0       0

නාලි Sunday, 18 January 2015 04:48 AM

වාහන 7කට වත්තේ ඉඩ නැති නිසා වෙන්නැති 2 ක් එහා ගෙදර නතර කරලා තියෙන්න ඇත්තේ...පව් අහිංසකයා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 17 January 2015 11:27 AM

සින්නක්කරයටම ලියල දුන්නු රටක අපිට තවමත් ජිවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

රසික Sunday, 18 January 2015 08:15 AM

යුද්ධය දිනුව එක ඇත්ත ඒත් හැමදාම ඉන්න දෙන්න බෑනේ (දිල්)

:       0       0

වසන්ත Saturday, 17 January 2015 11:38 AM

මෙයාගේ දේපල වගේ හරියට මේ වාහන තාමත් තියාගෙන ඉන්නේ. හිතුවේ නෑ මෙහෙම වෙනවා කියලා. (නදී)

:       0       0

කලන Sunday, 18 January 2015 08:49 AM

ඔය පොඩි වාහන 2ක්. තව කොච්චර ඇත්ද ඔය වගේ? (නදී)

:       0       0

රත්නා Saturday, 17 January 2015 12:04 PM

බාර දෙන්න කලින් කෑලි ගලවයිද ? (නදී)

:       0       0

සලාම් Saturday, 17 January 2015 12:22 PM

යන්න යන්න ප්‍රබාකරන් වගේ මාලිගා හම්බුවේවි.(අ)

:       0       0

නන්දලාල් Saturday, 17 January 2015 01:16 PM

මේ හාදයම නේද ලඟදි දවසක් කාටද ගහලා, මරන්න හදලා, මහා රෑම එයාපෝර්ට් එකේ "VIP lounge " එකෙන් හොරෙක් වගේ පැනලා, රට ගියේ? හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට අක්කේ! ඇස් ඇරගෙන, කන් ඇරගෙන ඉන්නකෝ ඕවා බලන්න!(අ)

:       0       0

නලින් Saturday, 17 January 2015 03:19 PM

කොහොමද තුන්වෙනි පාරත් හම්බ උනා නම්, රටක් ඉතුරු වෙන එකක් නැහැ. (නදී)

:       0       0

ප්‍රදීප් වසන්ත කුමාර Saturday, 17 January 2015 06:57 PM

නලින් හරියට හරි (නදී)

:       0       0

පද්මිණී Saturday, 17 January 2015 07:04 PM

මේ පුංචි රටේ වෙලා තියෙන ව්‍යසනය දුටුවම ඇස්, කන් අදහාගත නොහැක. මේක තමා පහුගිය ටිකේ කොටි බිල්ලෙක් මව මවා බෙරිහන් දුන්නේ. (නදී)

:       0       0

සංකා බම්බරවන Saturday, 17 January 2015 07:49 PM

නියෝජ්‍ය ඇමති කෙනෙකුට වාහන හතක් තියෙන ලෝකයේ එකම රට ලංකාව වෙන්න ඇති (නදී)

:       0       0

සෑම් Saturday, 17 January 2015 09:11 PM

ගම්මිරිස් ඇමති කම තිබිලා මෙහෙම නම් කොස්, පොල් වගේ ඇමතිකමක් ලැබුනා නම් කොහොම හිටීවිද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 January 2015 01:09 AM

දැන් කෝ මේ තීරුවට ලියමින් කඩේ ගිය කට්ටිය ? රටේ උත්තරීතර නිලයක් දරන මහත්තයෙක් කියල තිබුනා දෙවියන්ගේ බුදුන්ගේ පිහිට නිසයි මගේ මලය පරාද උනේ කියලා. කට්ටිය හිතාගන්නකෝ ඉතුරු ටික (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Sunday, 18 January 2015 02:36 AM

මම එකක් අවදාරණයෙන් කියමි. මේ වැරදි කර තිබෙන දේශපාලකයන්ට ලංකා නීති සංග්‍රහය යටතේ අනෙක් පුරවැසියාට දෙන දඬුවමම දිය යුතුයි කියා. නමුත් මොවුන් කියන්නේ වැරදී ඔප්පු කලොත් ඉල්ලා අස්වී ගෙදර යන බවයි. එහෙම වැරදී කර තිබෙනවා නම් යැවිය යුතු වන්නේ ගෙදරට නොවෙයි සිර ගෙටයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site