සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ.
පසුගිය දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු එහි ඇති වු කලහකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය සඳුදා (19) පාර්ලිමේන්තුව රැස් වු මොහොතේ මහජන ගැලරිය විවෘත නොකෙරුණු අතර නියෝජ්‍ය කතානායකවරයා විසින් 23 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීය.
යළි ලබන සිකුරාදා (23 ) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මහජන ගැලරිය විවෘත නොකිරීමටත් ආරාධිත ප්‍රභූන් සඳහා වන ගැලරිය වසා දැමීමටත් පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
(36698)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.