IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මැතිවරණය නිරීක්ෂණයට පොදු රාජ්‍ය මණ්ඩලයෙනුත් එයි

 පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු පිළිගත් සංවිධාන තුනක මැතිවරණ නිරීක්ෂකයනට මෙවර මැතිවරණයේ නිරීක්ෂණයට එන්නැයි අරයුම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයේ දී අපේක්ෂකයන් අමතමින් කීවේය.

‘ ඡන්දයේ දී හැම අපේක්ෂකයකුටම පුළුවන් දිවයිනටම ඡන්ද නියෝජිතයෙක් පත් කරන්න. අද එම නියෝජිතයා නම් කර අපට දැනුම් දෙන්න. එහෙම නැති නම් අපේක්ෂකයාම ඡන්ද නියෝජිතයා වන්නේය. ඡන්ද නියෝජිතයා කරන හැම වරදක්ම අපේක්ෂකයා කරන වරදක්ම වන්නේය.

මැතිවරණ කොට්ඨාස 22ටම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් පත් කරන්න පුළුවන්.  මැතිවරණ කොට්ඨාස සියල්ලට නියෝජිතයන් පත් කරන්න පුළුවන්.

අපේක්ෂකයන් තිදෙනකුගේ වත්කම් ලබා දී තිබෙනවා. ඉතිරි අයත් බාර දෙයි කියා බලා පොරොත්තු වෙනවා. ඡන්ද කොට්ඨාසයට එක කාර්යාලය බැගින් පිහිටුවන්න පුළුවන්. නීති පනවා තියෙන්නේ ඡන්දය යහපත් ලෙස පවත්වන්නයි. මේ පනතේ නීතිය අනුව කාර්යාලයයේ වත් කටවුට් ප්‍රදර්ශනය කරන්න බෑ. එහෙම නීති සියලු දෙනා සමග සාකච්ඡා කර වෙනස් කරන්න පුළුවන්.

පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු විදේශීය සංවිධාන තුනක මැතිවරණ නිරීක්ෂකයන්ට ඇරැයුම් කර ඇත.  සෙසු විදේශීය නිරීක්ෂකයන් ගෙන්වන්නැයි කළ ඉල්ලීම් ගැන සලකා බැලිය හැක්කේ අපේක්ෂකයන්ගේ අදහස් අනුවය.

සෑම අපේක්ෂකයකුටම සමාන ගුවන් කාල ලබා දෙන ලෙස ගුවන් විදුලියේ හා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරුන්ට දැන්වීමට නියමිතය. යම් අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයකුට සහාය දැක්වීමේ කතා ගුවන් විදුලියේ ප්‍රචාරය කරනවා නම් ඒ අවස්ථාවේම එය අත්හිටුවීමට පියවර ගන්නවා.‘



අදහස් (0)

මැතිවරණය නිරීක්ෂණයට පොදු රාජ්‍ය මණ්ඩලයෙනුත් එයි

ධම්ම Monday, 08 December 2014 09:38 AM

මැතිවරණ කොමසාරිස් මහින්ද බාලසූරිය නොවේ. (නදී)

:       0       0

හේමන්ති Monday, 08 December 2014 07:50 AM

අඵත් මැතිවරණ කොමසාරිස් කෙනෙකුත් පත් කරලා ද? (නදී)

:       0       0

පාරා Monday, 08 December 2014 07:51 AM

මහින්ද බාලසූරිය නෙමෙයි ... මහින්ද දේශප්‍රිය...(නදී)

:       0       0

උපාලි Monday, 08 December 2014 07:55 AM

මෙතෙක් හිටපු / හිටින හොඳම මැ.කො. මහින්ද මහත්තය කියල මං හිතනවා. ඒත් ඔබ රජයේ නිලධාරියෙක් මිසක් ආණ්ඩුවේ සේවකයෙක් නොවන බව කොච්චර කිව්වත්, අර අපි බලාපොරොත්තුවෙන ස්වාධීන කොමිසම එනකල් ඔබේ අතපය බැඳලා නේද? ඉතින් ඔබට සහතික වෙන්න බැහැ නේද සාධාරණ මැතිවරණයක් ගැන? (අ)

:       0       0

ජනක Monday, 08 December 2014 08:09 AM

මහින්ද බාලසූරිය ?? (අ)

:       0       0

නිෂාර්ඩ් ප්‍රීනා Monday, 08 December 2014 10:06 AM

දැන් සමහර දේශපාලන පක්ෂවල පාක්ෂිකයෝ පක්ෂ මාරු කරනවා වගේ වගේ මැතිවරණ කොමසාරිසුත් නම මාරුකරලද ? (නදී)

:       0       0

සත්‍යයා Monday, 08 December 2014 08:43 AM

පරිවාරක අපේක්ෂක පිරිස හොඳට රාජකාරිය කරයි කියලා අපිට හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site