IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාතලේ නගර සභාව මැක්ඩොවල් කොටුව අල්ලයි

පුරවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මාතලේ ඓතිහාසික මැක්ඩොවල් ඉංග්‍රීසි බලකොටුවේ  කසල කළමනාකරණ ව්‍යාපෘති හා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකරගෙන යතියි නගර වැසියෝ කියති.

1803දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකැරුණු මේ බලකොටුව යුද මධ්‍යස්ථානයක් විය.

1948 බ්‍රිතාන්‍ය විරෝධී අරගලයේදී මාතලේ කැරැල්ලට නායකත්වය දුන් වීර පුරන්අප්පු හා ගොන්ගාලේගොඩ බණ්ඩාද එහි සටන්වලට සම්බන්ධ වූහ.

මාතලේ මහනගර සභාම මෙම ඉදිකිරීම් අරඹා ඇත.

මහනුවර පුරාවිද්‍යා කාර්යාලය එම ඉදිකිරීම් නතර කරන ලෙස දන්වා ඇතත් අදත් එහි ඉදිකිරීම් සිදු විය.

මධ්‍යම පළාත භාර පුරා විද්‍යාල අධ්‍යක්ෂ එල් එම් ගුණසේකර මහතා පැවසුවේ අදම එහි නිලධරයකු යවන බවයි.

නගරාධිපති හිල්මි මොහොමඩ් මහතා කියා සිටියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැති බවයි. එහි කසළ කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කරන බවයි.

 



අදහස් (0)

මාතලේ නගර සභාව මැක්ඩොවල් කොටුව අල්ලයි

මහේෂ් Friday, 15 March 2013 04:27 PM

තව ටික කාලෙකින් අපිට ලැබෙයි කිරි පැණි. (නි)

:       0       0

රියාස් Friday, 15 March 2013 09:05 AM

කට්ටියම එකතුවෙලා කරන්නකෝ හොද උද්ඝෝෂණයක්. (නි)

:       0       0

ජයම්පති Friday, 15 March 2013 10:08 AM

නියම සිංහලයො නම් කෑගහලා නැගී සිටිය යුතුයි. (නි)

:       0       0

ගැමුණු මාතලේ Friday, 15 March 2013 10:26 AM

ජාතියේ ඛේදනිය ඉරණමක ලකුණු. වහා නැගිට අපේකම රැකගමු. මහේෂ්, ඔබ අවදියෙන් සිටීම අපිට සවියක් . (නි)

:       0       0

තිසල් Thursday, 14 March 2013 06:12 PM

කොහොමත් හිල්මිලාට පුරාවිද්‍යා දේවල් සම්බන්ධයෙන් කිසි ප්‍රශ්ණයක් නැති බව දන්නවා... පුරන්අප්පුලා ගොන්ගාලේගොඩ බණ්ඩලා වදයක් බවත් දන්නවා..!(නු)

:       0       0

දිනේෂ් Thursday, 14 March 2013 06:21 PM

මෙයාලා කොහොමද දන්නේ අපේ ඉතිහාසයේ වටිනාකම.. (නු)

:       0       0

ඩෙන්සිල් Thursday, 14 March 2013 06:28 PM

ඉන්ග්‍රීසින් මේ රට පාලනය කලානම් මීට වැඩිය පුරාවස්තු ආරක්ෂා වෙනවා..!(නු)

:       0       0

කල්ප Thursday, 14 March 2013 06:45 PM

පසුගිය දිනවල එක්කෙනෙක් ඉතිහාසය පාසල් විශයෙන් ඉවත් කළා.. (නු)

:       0       0

සඳුනි Thursday, 14 March 2013 06:53 PM

නිසල් ඔබ හරියටම හරි (අ)

:       0       0

හර්ශ Thursday, 14 March 2013 07:03 PM

මාතලේ ඉන්න සිංහල මිනිස්සුන්ගෙන් අහලා බැලුවනම් ඇත්ත දැනගන්න තිබ්බා, හිල්මිට මුස්ලිම් පල්ලි ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් වැදගත් නෑ (අ)

:       0       0

මුතුකුඩ Thursday, 14 March 2013 07:37 PM

දැං ඉන්නේ ඒ කාලේ සිටිය නියම වීරයන් වූ පුරන්අප්පුලා ගොන්ගාලේගොඩ බණ්ඩලා නොව අද රටට ආවේනිකව දේශපාලනීකරණය වූ අපුලා සහ බණ්ඩලා බව කවුරුත් දන්නා රහසකි..!(නු)

:       0       0

ප්‍රදීප් Thursday, 14 March 2013 08:00 PM

1948 කැරැල්ල..?(නු)

:       0       0

උදය Thursday, 14 March 2013 09:47 PM

ඉංග්‍රීසි ආණ්ඩුව අපිව විනාශ කරන්න හදපුවා මේවා.. මේවා විනාශ කරලා දාන්න ඕන.. මේක ඉස්සර පුරන්අප්පු වීරයාට හිසරදයක් වූ තැනක්..!(නු)

:       0       0

බන්දුල Sunday, 17 March 2013 11:53 AM

ඇයි ඉතින් මේ වගේ අය නගර සභාවට පත් කරගන්නේ ? (නි)

:       0       0

සුසන්ත ඉතාලිය Thursday, 14 March 2013 11:21 PM

පෞරානික දේවල් ‍රැකගැනිම සියලු රටවැසියන්ගේ වගකිමක්.අවුරුදු 210 පරණයි. ‍රැකගනිමු.(නු)

:       0       0

වීරසේකරගේ එම්.කේ. Friday, 15 March 2013 12:35 AM

අනේ මෙයාලා කරන දේවල්..!(නු)

:       0       0

සෙනරත් Friday, 15 March 2013 12:57 AM

කණගාටුයි ශ්‍රී ලංකා! (නි)

:       0       0

රංජිත් Friday, 15 March 2013 02:46 PM

මහනුවර පැත්තේ පුස්තකාලයකත් දැන් කසල කළමණාකාරණය කරනවා. (නි)

:       0       0

නස්රුදීන් Friday, 15 March 2013 01:50 AM

මේ දේවල් වලට විරුද්ධව සටන් කරන්න වුණත් ඉදිරිපත් වෙන්නෙ ලංකාවෙ ඉතිහාසය ගැන දන්න අයයි. (නි)

:       0       0

ජයලත් Friday, 15 March 2013 03:12 PM

අපේ අතීතය (දී)

:       0       0

මොහොමඩ් ඉම්තියාස් Friday, 15 March 2013 03:32 PM

මුස්ලිම් එකක කරනකොට හා හූ ගාලා ආගමටත් ගාව ගන්නවා. ඉතිහාසය විනාශ කරන්නේ අපි නෙවෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site