IMG-LOGO

මාතලේ දිසාපති මාධ්‍ය කට වහයි

මාධ්‍යවේදීන් කළ යුත්තේ නිලධරයන් කියන දේ වාර්තා කිරීම මිස ප්‍රශ්න ඇසීම නොවීම යැයි මාතලේ මහා දිසාපති නීල් ද අල්විස් මහතා සම්බන්ධිකරණ රැස්වීමේදී මාධ්‍යෙව්දීන්ට කීවේය.

වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් වෛද්‍ය වරියක කී කතාවක් පළාත් සභා ඇමැතිවරයකු වැරැදියැයි කී පසු දිසාපති මාධ්‍ය වේදීයකු ප්‍රශ්නයක් මතුකරද්දී දිසාපති එම නියෝගය කළේය.

ඉන්පසු මාධ්‍යවේදීහූ ඊට විරෝධය පළ කරමින් මාධ්‍ය වේදීහූ පිරිසක් නැගිට ආහ‍.

වකුගඩු රෝගීන් 1165 දෙනෙකු  වාර්තා විය ඇති බව වෛද්‍යවරියක කීවාය.

එම තොරතුරු නිවැරැදි නොවන බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී යසමාන්න මහතා දිගින් දිගමට ප්‍රශ්න කරන්න විය. මාධ්‍යවේදීන් නිවැරැදි තොරතුරු ලබා ගැනීම සදහා ගත් උත්සහායේදී දිසාපති පැවැසුයේ ‘‘එසේ ප්‍රශ්න ඇසීමට මාධ්‍ය වේදීන්ට අවරසයක් නැති බවයි.‘‘

කමිටුවේ සිදුවෙන දේ වාර්තා කිරීමට ඔවුනට හැකි බවත් තොරතුරක් අවශ්‍ය නම් රැස්වීමෙන් පසු නිලධරයන්ගෙන් එම තොරතුරු ලබා ගත හැකි බවත් ඔහු කීවේය.

මෙම කමිටුවට සහභාගී වූ දේශපාලඥයින්ගෙන් හා නිලධාරයන්ගෙන් ප්‍රශ්න අසා දැනගැනීමට මින් පෙර බාධාවක් නොවීය.

 

 



අදහස් (0)

මාතලේ දිසාපති මාධ්‍ය කට වහයි

හේවා Sunday, 29 May 2016 06:02 PM

ටිකෙන් ටික උගන්ඩාවේ ක්‍රමයට ලංකාවත් ප්‍රවේශ වන සලකුණු (ම)

:       0       0

කමනි Monday, 30 May 2016 02:30 AM

අපේ රටේ නිලදාරී වාදයක් නැහැනේ. (ම)

:       0       0

අමා Sunday, 29 May 2016 06:01 AM

ඒ කියන්නේ ඒගොල්ලෝ පොල්ගහක් පෙන්නලා එකට දෙල්ගහ කිඋවොත් එ් විදියටම දාන්න කියලද ?

:       0       0

ප්‍රියන්ත නානායක්කාර Sunday, 29 May 2016 06:14 AM

මගේ මතය- සියලු මාධ්‍ය ඉවත් කලොත් මිනිසුන්ගේ කාලය ශ්‍රමය ඵලයක් ඇති ‍දෙයකට යෙදවිය හැක.ඔබම එය අත් හදා බලන්න.තරුණ ජීවිත ජංගම දුරකථන නිසා විනාශයට පත් වන හැටි බලන්න.ඒවා ඉවත් කර බලන්න.අනුකරණය නොකරන්න.බුද්ධියට ඉඩ දෙන්න. (රේ)

:       0       0

ඉර Sunday, 29 May 2016 06:18 AM

මේයාලට යිස්සෙල්ලා උගන්වන්න ඕන මාධ්‍යවේදීන් කියන්නේ කවුද කියල .(රේ)

:       0       0

උපුල් ගලප්පත්ති Monday, 30 May 2016 05:17 AM

දිසාපති තුමා මින් පස්සෙ සභා රැස්වීම් වාර්තා කරන්න මාධ්‍යවේදීන් වෙනුවට ඔබතුමාගේ පෞද්ගලික සහකාර මහත්මියට භාර කරන්න... ඇය එය හොඳින් කරාවි...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site