IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මාතර පුද්ගලික රෝහලක් වසාදැමීමට නියෝග

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
මාතර නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ඇතුළු 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වීමත් සමග එම රෝහල තාවකාලිකව වසා තැබීමට නියම කළ බව මාතර පුරපති රංජිත් යසරත්න මහතා පැවසීය.
 

නගරාධිපතිවරයා ලෙස තමාට පැවරී ඇති බලතල අනුව එම නියෝගය නිකුත් කළ බවත් ඊට අවනත නොවී එම රෝහල් පරිපාලන කටයුතු කලහොත් අද (12)  අධිකරණ නියෝගයක් ගන්නා බවත් ඒ මහතා කීය.
 
තවද අදාල රෝහල මූලික තොරතුරු වසන් කර ඇති බව කී පුරපතිවරයා ඒ සම්බන්ධයෙන් නීරෝධායන නීති රීති යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කලේය.
 
අදාල රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර එම වාර්තා ලැබෙන තෙක් ද රෝහල සම්පූර්ණයෙන් විෂබීජහරණය කර අවසන් වන තෙක් ද රෝගීන් ඇතුලත්කර ගැනීම්, හා බාහිර රෝගී අංශය ආදී සියලු කටයුතු තාවකාලිකව නතර කිරීමට උපදෙස් දුන් බවද පුරපතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
තවද ඒ පිළිබඳවසෞඛ්‍යඅංශ හා පොලීසියදලිඛිතව දැනුවත් කර තිබේ.
 
අදාල රෝහලේ සේවයට පැමිණී වෛද්‍යවරයෙකුට, රෝහල් සේවිකාවකට, රෝගීන් දෙදෙනෙකුට හා රෝගීයෙකු ළග සාත්තුවට නැවතී සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍යඅංශ සදහන් කරයි.



අදහස් (0)

මාතර පුද්ගලික රෝහලක් වසාදැමීමට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31542 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13900 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1079 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site