
(රෝෂන් තුෂාර)
නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් කෝටි 135 බදු මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමට අද (10) නියෝග කළාය .
2012 - 2015 අතර කාලය තුළදී රජයට ගෙවිය යුතු ආදායම් බදු , වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීයේ යැයි පවසමින් කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කඩුවෙල ,කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ පියුමි විජේවික්‍රම මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
සරත් කුමාර විජේවික්‍රම,බුද්ධිකා විජේවික්‍රම හා තවත් අධ්‍යක්ෂවරියක වග උත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.
මෙම නඩුව පසුගිය වසරේ ගොනුකරන ලද අතර පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් තීන්දු කර ඇත්තේ වග උත්තරකාර සමාගම මෙම හිඟ බදු මුදල් රජයට ගෙවිය යුතු බවය.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැත්පැන් සමාගමට කෝටි 135ක බදු ගෙවන්න වෙයි
රම්බොඩ Wednesday, 28 May 2025 05:57 PM
ඒ බදු ගෙවන්න ඒක විකුණන්න වෙයි...
නාසි ගුරෑන්Wednesday, 28 May 2025 07:22 PM
දුකයිද? විකුණන තත්වයට එන්න කලින් නියමිතව බදු ගෙවලා ඒ කාලේ හිටපු ලොක්කන්ගේ ගෑනුන්ට ළමයින්ට සෝබන කරන්න දුන්නා නම් අද ඔය තත්වේ නෑ රබ්බොඩ...
අරවින්ද මොණරවිල Wednesday, 28 May 2025 06:16 PM
තියෙන දෙයක්හරි විකුණාලා බදු ගෙවපල්ලා දැන්, එක එකාට පගා දීලා, කප්පම් දිලා පහුගිය කාලයේ කට්ටි පැන්නාට දැන් කරන්න දෙයක් නැහැ...
Kamal Koyrala Thursday, 29 May 2025 12:11 PM
පළමුව බදු අය නොකර සිටියේ හෝ අය කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ සා මුදලක් ගොඩ ගැහෙනකන් මොකද කළේ කියා විමර්ශණය කළ යුතුයි.