( ප‍්‍රදීප් කුමාර ධර්මරත්න )
මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු අමතර පංති යන මුවාවෙන් කෑගල්ල පින්නවල අලි අනාථාගාරය අසල කුඩා දූපතකට ගොස් මත්පැන් සාදයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී අද(15) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
එක් සිසුවකුගේ උපන්දිනය වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පැවැත් වීමට සූදානම් වෙමින් සිටියදී කෑගල්ල පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම සිසුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඔවුන් සතුව තිබී මත්පැන් බෝතලයක් සහ සිගරට් පැකට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඔවුන්ගෙන් හත් දෙනකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අය වන බවත් එක් සිසුවකු 10 වසරේ සිසුවකු බවත් පොලිසිය පවසයි.
එම සිසුන් කෑගල්ල පොලිසියට රැගෙන විත් ප්‍රකාශ ලබාගෙන ඔවුන්ගේ දෙමාපියන් කැඳවා බාරදීමට පොලිසිය කටයුතු කර ඇත.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මත්පැන් සාදයකට සැරසුණු සිසුන් අත්අඩංගුවට
dilip Tuesday, 15 August 2017 10:01 AM
හොද වැඩක් ! පොලිසියට තැන්ක්ස් !
අජන්ත Tuesday, 15 August 2017 10:13 AM
මොන නිතිය යටතේද අත්තදන්ගුවට ගත්තේ? ලංකාවේ මත්පැන් බොන්න අවම වයස සීමාවක් නෑනේ.සමහර විට ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් බිමට උත්සහ කරපු නිසා වෙන්න ඇති. ලක්ෂ 1620 ගෙයක් පගාවට ගත්ත එක්කෙනවත් මේ විදිහටම අල්ලයිද?
aveendraTuesday, 15 August 2017 03:56 PM
අජන්ත මයාවෙත, මේ දරුවෝ ඔබේත්, මගේත්, අපගේත්, ලංකා මාතාවගේ දරුවන් බැවින් සහ පෙම්බර ලංකා මාතාවගේ අනාගත දරුපරපුර. මෙවැනි වැරදිවලට නීතියට වඩා අනාගත පරපුර යහමගට යොමුකිරීමට පොලිසිය මේ අවස්ථාවේ කල ක්‍රියාව අගය කරමි. සැමවිටම පොලිසිය මහජන දෝෂාරෝපනයට ලක්වන බව අප සියලු දෙනා දන්නා කරුණකි.
jantaha anura Tuesday, 15 August 2017 10:49 AM
වේවැල් පාර නොදීම වැරැද්දක් , මත පැන් උවදුර ට දෙසපලකයන් රජයේ නිලදාරීන් මුදල් ඇමති ඇතුළු නිලදාරීන් වගකිව යුතුය
madu Tuesday, 15 August 2017 11:01 AM
ලැජ්ජයි මේ රටේ පොලිසිය ගැන. ලොකු හොරු පැත්තක ඉද්දි කිරිකජු කොල්ලන්ව අල්ලනව.
perakumTuesday, 15 August 2017 02:05 PM
ලොකු හොරු ඇල්ලුවොත් කොර්ට් එක තියල ගෙදර යන්න වෙන බව පොලිසියේ මහත්තුරු දන්නවා
Rohitha Tuesday, 15 August 2017 11:56 AM
"මත්පැන් බෝතලයක් සහ සිගරට් පැකට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ" ඔන්න ඕවා ටමඊ දැන් පොලෝසියේ මහතුරුන්ට තියෙන රාජකාරි! ලංකාවේ වෙන අල්ලන්න අපරාද නැතුවද?
darshana Tuesday, 15 August 2017 02:47 PM
මේවා කොලු කාලේ කරන ඉතාම සරල දෙයක්නේ.
sunil Gampola Tuesday, 15 August 2017 04:54 PM
අජන්ත මදු රොහිත මල්ලිලා අදහස් ප්‍රකාශ කරද්දි වගකීමෙන්. පාසල් දරුවන් කරන වැඩ වලට උදව් කරන්න එපා
වින්ධ්‍යා වීරසේකර Wednesday, 16 August 2017 12:25 AM
මම පුතුන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්. පොලිසියට මගේ ප්‍රණාමය! සමහරුන්ගේ ප්‍රතිචාර හරිම මෝඩ සහගතයි. ලොකු අපරාධ ඇල්ලුවේ නෑ කියලා පොඩි පොඩි නීති විරෝධී සදාචාර විරෝධී ක්‍රියා මැඩලීම වැරදියි කියන මෝඩ තර්කයක සමහරුන් ඉන්නබව පේනවා. පොලිසියට පුළුවන් බාල වයස්කාරයන් මත් පැන්, මත් ද්‍රව්‍ය භාවිතය නිසා අත් අඩංගුවට ගන්න. අනිත් කාරණය නම් ළමයින්ට නීති මගින් කටයුතු කළේ නෑනේ. මව් පියන් ගෙන්නලා භාර දීලා. බොහොම හොඳයි පොලිසිය කරපු දේ.
ධම්ම Wednesday, 16 August 2017 04:33 PM
මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු බය නැතිව මේ වැඩේ කලේ පොලිස්පතිතුමා ඉස්කෝලේ අයියා කෙනෙක් නිසා වෙන්න ඇති.