මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) යාපනය එළිමහන් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.
මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට තිළිණ ප්‍රදානය ද ජනපති අතින් සිදුවිය.
අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන වී. රාධක්‍රිෂ්නන්, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රි අංගජන් රාමනාදන්, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
‘මතින් නිදහස් රටක්‘ වෙනුවෙන් ජනපති යාපනයේ
ප්‍රියන්ත විමලගුණ Friday, 09 September 2016 02:29 PM
දකුණේ සංස්කෘතික සංදර්ශන එහෙම පෙන්වන්න යනවා නෙමෙයි (බ)
රොකී Friday, 09 September 2016 02:47 PM
අනේ ජනාධිපතිතුමෝ, ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ ඉන්න අරක්කු තැබෑරුම් මුදලාලිලාගේ ලයිසන් කැන්සල් කරන්නකෝ! (බ)
ශාමන්ත වෙල්ගම Saturday, 10 September 2016 08:41 AM
ජයවේවා! ඔන්න දැන් ටික ටික අපේ ජනාධිපතිතුමා වැඩ පෙන්නනවා. මේවා තමා දුරදිග බලා වැඩ කිරීම කියලා කියන්නේ. මුළු රටේම මෙවැනි දේවල් වලට මුල්තැන දියයුතුය (නි)
අනුර Saturday, 10 September 2016 09:33 AM
රෝමය ගිණි ගනිද්දී නීරෝ වීණා ගයමින් සිටි කතාව මේ වෙලාවේ මතක්වුණා
හිරාන් Saturday, 10 September 2016 03:13 AM
රොකි, පාර්ලිමේන්තුවේ ඉන්න සමහර කට්ටියගේ තැබෑරුම් ලයිසන් ටික කැන්සල් කළොත් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා.
රෝහිත Friday, 09 September 2016 10:59 AM
එළම කිරි. ඔය තියෙන්නේ වැඩ මල්ලි! අපේ ජනාධිපති තුමාට ජය වේවා (බ)
විජිත Saturday, 10 September 2016 06:05 AM
මහින්දගේ අදහසක් වුණත් මෙතුමා හොඳ දේ දිගටම කිරීම හොඳයි (නි)
හේවා Saturday, 10 September 2016 06:35 AM
මත්පැනට විරුද්ධ වෙන්න කියලා ආයාචනා කරන්නේ මොකටද, ඔබතුමාට බලයක් තියෙනවනේ අණ කරන්න (නි)
හේවා Friday, 09 September 2016 01:04 PM
ලංකාවේ සැම නගරයකම මත්පැන්හල් දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන්ම තිබෙනවා එසේ නම් මතින් නිදහස් රටක් වන්නේ කොහොමද (අ)
දිලාන් Friday, 09 September 2016 02:11 PM
මෙතුමා ජනතාව මුණ ගැසීමට යන්නේ උතුරට විතරයි, බලාගෙන යනවිට එකෙත් හැටි, (අ)