(රංජිත් රාජපක්ෂ)
පොල්පිටිය හිටිගේගම බොකරවැවිල ප්‍රදේශයෙන් ගලා යන කැළණි ගඟේ අතු ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණියක (60) සහ මිණිබිරියක (05) සැඩ පහරට අසුව ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය පවසයි.
ලක්ෂපාන පොල්පිටිය ඉහළ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පෙර පාසල් ගොස් සිටි මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර හිටිගේගම පන්සල අසලින් ඇළ මාර්ය තරණය කිරිමට යාමේදි දෙදෙනාම ඇළට වැටී සැඩ පහරට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිත්තණියගේ සිරුර ඇළ මාර්ගයට පහලින් තිබි හමු වු බවත්,අතුරුදහන්ව ඇති මිණිබිරියගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඇළ මාර්ගයේ තිබි හමු වු මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති බව පොල්පිටිය පොලිසිය පැවසිය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මිත්තනියයි - මිණිබිරිය දොලේ ගසා ගෙන යති
sirimewan Monday, 01 August 2022 04:10 PM
මිත්තනියයි මිනිපිරියයි මේ ගඟ ඔය පෙනෙන පොල්කොට උඩින් තරණය කළාද? දරුවා ලිස්සුවද? රටේ කොටසක ටයිල්. නාන කාමරේත් සෙරෙප්පු දානවා. ලැජ්ජයි.
chathu diliMonday, 01 August 2022 10:12 PM
සිරිමෙවන් මහත්තයෝ මෙතැන පොල්කොට නෙවෙයි තියෙන්නේ. පාලමක කොන්ක්‍රීට් අත්වැටක්... උඩ ඡායාරූපයේ තියෙන ඇලේ තමයි ගහගෙන ගියේ..!