IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මත්කුඩු වැටලීමට ගිය පොලිසියට වෙඩි තැබීමෙන් කොස්තාපල් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල මොරටු පාරේ මත්කුඩු වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පිරිසකට යතුරු පැදි කරුවන් පිරිසක් වෙඩි තැබීම නිසා පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් අට හැවිරිදි දැරියක, 15 හැවිරිදි දරුවකු හා පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පස් දෙනකු තුවාල ලබා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථ තුනකට හානි සිදුව ඇති අතර සැකකරුවන් පලාගොස් තිබේ. ඔවුන් සන්තකයේ මත්කුඩු කිලෝ 10ක් පමණ තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව එම වැටලීම කිරීමට පැමිණි බව පොලිසිය කියයි.



අදහස් (9)

මත්කුඩු වැටලීමට ගිය පොලිසියට වෙඩි තැබීමෙන් කොස්තාපල් මරුට

aravinda Tuesday, 09 May 2017 05:26 PM

රටේ මත්කුඩු ජාවාරම් කාරයින් අත් අඩංගුවට නොගෙන, ඔවුන්ට කෙලින්ම වෙඩි තැබිය යුතුයි.

:       0       11

ranavi Tuesday, 09 May 2017 05:39 PM

පිළියන්දල කොට්ටාව මත්කුඩු කේන්ද්‍රස්ථානයක්. ගම්වාසීන් දන්නවා මත්කුඩු සහා වෙනත් අපචාරයන් කරන්නේ කවුද කියලා?.. එහෙත් මේ වගේ වෙඩි කාල මැරෙන්න බය නිසා නොදන්නවා වගේ ඉන්න වෙලා..හිටි හැටියේ මහා ධන කුවේරයෙක් වූ ප්‍රාදේශීය දේශපාලන බලවතෙක් කුඩු බෙදාහරින බව ප්‍රසිද්ධ රහසක්.. පොලිසියේ අයවත් වෙඩි තියල මරනවා නම් අපි ගැන කවර කතාද? මතට තිත යහපාලනය .... ද?

:       0       14

පිටිගල මිලානෝ Tuesday, 09 May 2017 07:59 PM

දෙවියනි නැහැ නැහැ පොලිස්පතිතුමනි ඔබ කොහිද?

:       1       8

mahee Tuesday, 09 May 2017 10:39 PM

මේ ජාවාරම කරන්නේ දේශපාලනයත්, පොලිසියත් සම්බන්ධ ලොකු මිනිස්සු. කවදාවත් නීතිය ඉස්සරහට ඔවුන් එන්නේ නැහැ. ඒකෙ ප්‍රතිඵලය තමයි මේ.

:       0       15

Sathyayaa Tuesday, 09 May 2017 10:54 PM

අපරාධකරුවන්ගේ හැර හැම කෙනෙකුගේම ජීවිත රටට ඉතාමත් වටිනවා. විශේෂයෙන් කුඩු උවදුර මැඩලීමේ දී දේශීය අත්දැකීම් හා තාක්ෂණය මඳ බව හැඟේ නම් අපරාධ මර්ධන ඒකක වල සාමාජිකයින් වෙනත් රටවලට යවා හෝ විශේෂ පුහුණුවක් හැකි පමණ ඉක්මණින් ලබා දී මත් උවදුර දිවයිනෙන් දුරුකර දමන්න වහා කටයුතු කරන්න.

:       0       8

lalith Tuesday, 09 May 2017 11:34 PM

පව්, අහිංසක රාළහාමි. මේ කුඩුකාරයෝ ඉහල දේශපාලකයින්ගේ, කෝටිපති ව්‍යාපාරිකයින්ගේ චක් ගෝලයෝ. කුඩුකාරයා මළොත් ඒ ඔක්කොගෙන්ම එකගේ පරම්පරාවටම සැලකිලි ලැබෙනවා. නමුත් මේ සුළු නිලධාරියා රාජකාරි කටයුත්තකදී දිවිපිදුවට රජයෙන් සුළු පාරිතෝශිකයකුත් එක්කල විශ්‍රාම වැටුප පවුලේ උදවියට ලැබෙයි. නමුත් කුඩු කරයා අල්ලාගෙන ආවානම් මෙලහකටත් ඉහළ පොලිස් නිලධාරීන් සේරම පොටෝඑකක් ගහල පත්තරේට මුණ දාගෙන පුද්ගලික ලිපිගොනු වලට සටහන් ඇතුල්කරගන්නවා.... ඊළඟ ප්‍රොමෝෂන් එක ගන්න බලාගෙන... ක්‍රෙඩිට් එක හවුලේ ගන්න පුළුවනි නම් වල පල්ලටත් එකටම යන්න බැරිවෙන්න බැහැනේ? යහපත් සමාජයක් අපට දායාද කර දීම වෙනුවෙන් දිවි පිදු රාළහාමිට නිවන් සුව අත්වේවා !!!

:       0       17

chanaka Wednesday, 10 May 2017 03:33 AM

පොලිස්පතිතුමාට පොඩි අය හොයන්නේ නැතුව මුදලාලිලා ගැන තීරණයක් ගන්න කාලේ ඇවිල්ලයි තියෙන්නේ....

:       0       10

Shan Wednesday, 10 May 2017 06:09 AM

ඉක්මනට සරත් ෆොන්සේකා මහත්තයාව පත් කරන්න.

:       66       210

upali Friday, 12 May 2017 06:41 AM

දැනට අක්‍රීය වී ඇති මරණ දඬුවම සකී‍්‍රය කරන තෙක් මේ කුඩුකාරයන්ගෙන් වන අපරාධ සහ කුඩු ගෙන්වා අපගේ ජාතිය විනාශ කිරීමට නොනවත්වාම කි‍්‍රයාත්මක වනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 971 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site