එන්ජින් ධාරිතාව 1000 – 1500 දක්වා වන මෝටර් රථවල හා ත්‍රී රෝද රථවලට අයකරන බදු ගාස්තුව බ්‍රහස්පතින්දා (26) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම බදු රුපියල් මිලියන 2.6 සිට රුපියල් මිලියන 3 දක්වා වැඩිවී ඇතැයි කියති. ටොයෝටා ප්‍රියස් රථයක මිල රුපියල් මිලියන 3.3 සිට 7.7ක් දක්වා ඉහළ යන බව ඔවුහු කියති.
මෑත ඉතිහාසයේ වාහන මිල ගණන් මෙතරම් ඉහළ ගිය මුල්ම අවස්ථාව මෙය බවද වාහන අපනයනකරුවෝ කියති.
නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් මෝටර් රථවල තීදු බදු රුපියල් මිලියන 2.9 සිට 1.7 දක්වා පහත වැටී ඇත. ලොරි, බස් හා වෑන් ආදියේ බදු වැඩිවී නැති බවද වාර්තාවේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.