
(එම්.සුසිල් පියන්ත)
පෞද්ගලික මගී ප්රවාහන බස් රථයකදී මගියකු ඉතුරු සල්ලි රුපියල් පහ ඉල්ලුවේ යයි උරණවී ඔහුට පහරදී බස් රථයෙන් බිමට තල්ලු කළ බව කියන බස් රථයේ කොන්දොස්තරවරයකු ලෙස සේවය කළ කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ලබන මස 21 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බළපිටිය මහේස්ත්රාත් පවිතා සංජීවනී මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ මගවෙල පදිංචි දේවමුණි අජිත් ස්වුන්ද සොයිසා නමැත්තෙක
කොන්දොස්තරවරයාගෙන් පහර කෑ මගියා පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොන්දොස්තරවරයා අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දවත් බස් එකක අරන් ගිහින් උගෙන් රුපියල් පහක් අරගෙන ගහල බස් එකෙන් බිමට තල්ලුකරල සමථ මණ්ඩලයට දාල සමථයකට පත්කරගන්න යයි ඉල්ලා සිටිමි.
සමහර කොන්දොස්තර මහත්තුරුන්ගේ හැසිරීම අන්තිමයි. බොහෝම විනීත අයත් ඉන්නවායි කියන එක සඳහන් කරන්න ඕනෑ. සමහර අය උදේට රාජකාරිය පටන්ගෙන බීමත්වයි. මේ ගැනත් අදාළ අංශවල අවධානය යොමු වුණොත් හොඳයි.