(මහින්ද නිශ්ශංක)
රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,600 ක් පමණ දුම්රිය ආසන වෙන් කරගෙන ඇති බවත් ඔවුන් සදහා අනිද්දා (26) සිට ලබන සිකුරාදා දක්වා දුම්රිය 27 ක් පිට පළාත් වල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.
මීට අමතරව මහනුවර සහ බෙලිඅත්ත සිට නගරාන්තර දුම්රිය දෙකක් කොළඹ දක්වා ධාවනය කෙරේ.
හෙට මහනුවර, රඹුක්කන, පොල්ගහවෙල, මිරීගම, මහව සහ රාගම සිට දුම්රිය බැගින්ද වේයන්ගොඩ සිට දුම්රිය තුනක්ද, ගම්පහ සිට දුම්රිය දෙකක්ද, ධාවනය කෙරේ.
මීට අමතරව බෙලිඅත්ත, ගාල්ල සහ මොරටුව සිට දුම්රිය බැගින්ද අලුත්ගම, කලුතර, පානදුර සිට දුම්රිය දෙක බැගින්ද හලාවත සහ මීගමුව සිට දුම්රිය බැගින්ද, අවිස්සාවේල්ල, කොස්ගම, පාදුක්ක, හෝමාගම සහ කොට්ටාව සිට දුම්රිය බැගින්ද ධාවනය කරන බව ඔහු පැවසීය.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ආසන වෙන්කරගෙන සිටින සේවකයින්ට අමතරව සේවා හැදුනුම්පත ඇති සේවකයින් සදහාද සීමීත ආසන ගණනක් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් එම සේවකයන් සිය සේවා හැදුනුම්පත දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට ඉදිරිපත් කර දුම්රියේ ගමන් කිරීමට පහසුකම් සළසා ගන්නා ලෙස දැනුම් දෙන බවද පැවසු නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස්. පොල්වත්තගේ මහතා ආසන වෙන්කර නොගත් සේවකයන් දුම්රිය ස්ථානයට පැමිණෙන අනුපිළිවෙල අනුව ඔවුන්ට ආසන ලබාගැනීමට හැකිවෙන බවද කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මගීන් 16,600 ක් දුම්රිය ආසන වෙන්කරගෙන