IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මීගොඩ ආර්ථිකය වහයි

 

(කේ.බුද්ධික කුමාරසිරි)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොළ වෙළෙඳ සලකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු දෙදෙනකු එහි සේවිකාවකට වෙඩි තබා ඇය සතුව තිබූ රුපියල් 45.000ක මුදලක් පැහැර ගැනිමත් සමග තමන් ආරක්ෂිත බව පවසමින් එහි වෙළෙන්දෝ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූහ.

යතුරු පැදියකින් කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනා අද (12) අලුයම එහි සේවිකාවට වෙඩි තබා මෙම කොල්ලය සිදු කළ අතර තුවාල ලැබූ සේවිකාව  හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ වෙඩි ප්‍රහායට ලක් වූ සේවිකාව සහ එහි එක් සේවකයකු පමණක් සේවයේ රැඳී සිට ඇති අතර වෙළෙඳහල් හිමිකරුට දුරකතන ඇමතුමක් දී නිවෙසට ඇරලවන්නැයි පවසා විනාඩ කීපයක් ඇතුළත මෙම සිද්ධිය සිදුව තිබේ.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානේ පොලිස් මුරපොළ පෙනෙන මානයේ ඇති මෙම වෙළෙඳහලෙහි කොල්ලය සිදුවී සෑහෙන වේලාවක් යනතුරු කිසිදු පොලිස් නිලධාරියකු එම ස්ථානයට නොපැමිණි බවත් ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන්ට ලොකු සටනක් කර පොලිසිය ගෙන්වා ගැනීමට සිදුවූ බව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෝ පැවැසූහ.කොල්ලකරුවන් දාම්පේ බෙරැකැටිය මාර්ගය දෙසින් පැමිණ කොල්ලය සිදුකර ඒ දෙසටම පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.වෙඩි ප්‍රහාරයට ලක් වූ වෙළෙඳහල් සේවිකාවගේ ශරීරයේ උණ්ඩ කැබලි තුනක් ඇති බවට නිරීක්ෂණය වූ බව හෝමාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

-------------------------------------------

(කේ බුද්ධික කුමාරසිරි)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළද සැලකට අද (12) අළුයම ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සිටි සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වෙළද සේවිකාව හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේදී එම වෙළදසැලෙහි ගිණුම් කටයුතු සිදු කරන සේවිකාව සහ එක් සේවකයකු පමණක් රැදී සිට ඇත.

වෙළද සැලෙහි දෛනික කටයුතු අවසන් කර එහි ගිණුම් සේවිකාව නිවසට ඇරලවීම සදහා වෙළදසල් හිමිකරුට දුරකතන ඇමතුමක් ලබා දී විනාඩි කිහිපයක් ඇතුලත යතුරු පැදියකින් ගිනි අවියක් රැගෙන කොල්ලකරුවන් දෙදෙනා වෙළදසැලට පැමිණ මුදල් කොල්ලය සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.

මීගොඩ පොලිස් මුරපෙල පෙනෙන මානයේ තිබෙන මෙම වෙළදසැලෙහි මංකොල්ලය සිදු වී විශාල වේලාවක් යනතුරු කිසිදු පොලිස් නිළධාරියකු අදාල ස්ථානය වෙත පැමිණ නොමැති නිසාවෙන් ආර්ථික මධ්‍යස්ථාන ⁣ව්‍යාපාරිකයන්ට විශාල ඝෝෂාවක් සිදු කර පොලිස් නිළධාරීන් ගෙන්වා ගැනීමට සිදු වූ බව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් පවසති.



අදහස් (3)

මීගොඩ ආර්ථිකය වහයි

Aruna Monday, 12 February 2024 06:25 PM

අශ්වයා පැනගිය පසු ස්ථාලය වසා දැමීම... කට්ටිය "යුක්තියේ" වැඩ වගේ...!

:       0       0

සෙනෙවිරත්න Tuesday, 13 February 2024 12:14 PM

ටිරාන් එක පැත්තකින් දිග අරිනකොට අනිත් පැත්තෙන් ඇකිලෙන පැදුරක් එලනවා. කරන වැඩේ අවංකව නොකෙරෙන නිසා තමයි ගෝලයොත් ඔය වගේ රාජකාරිය පැහැර හරින්නෙ. ඇමැතිත් පොලිස්පතිත් නැති කීර්තියක් අත්කරගන්න හදනවා. ටිරාන්ලගේ වැඩ ගැන කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ .

:       0       0

රාළහාමි Tuesday, 13 February 2024 01:51 PM

හොරු යනකම් ඉඳලා පොලිසිය එන්න ඇති. නැත්නම් පොලිසියටත් උන් වෙඩි තිබ්බොත් කාට කියන්නද. නිකං ඉල්ලන් කන්නේ මොකටද කියලා පොලිසියේ මහත්තුරු හිත්තන්න ඇති.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site